දේශීය

දිස්ත්‍රික් 10 කට නිකුත් කල නායයාම් අනතුරු ඇගවීම තවදුරටත්

(UTV | කොළඹ)  – දිස්ත්‍රික් 10 කට බල පැවැත්වෙන පරිදි නිකුත් කල නායයාම් අනතුරු ඇගවීම යළිත් දීර්ඝ කර තිබේ.

ඒ අනුව ගාල්ල, මාතර, රත්නපුර, කලුතර, කෑගල්ල, මහනුවර, කොළඹ, මාතලේ, කුරුණෑගල සහ නුවරඑළිය දිස්ත්‍රික් සඳහා ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් මෙම අනතුරු ඇගවීම නිකුත් කර ඇත.

ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ එය හෙට පස්වරු 2 දක්වා බලාත්මක වන බවයි.

මේ අතර ඉදිරි පැය කිහිපයේදීත් බස්නාහිර, දකුණ, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වල මිලිමීටර් 150 ඉක්මවූ තද වැසි ඇති විය හැකි බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

කාළගුණ නිවේදනයේ දැක්වෙන්නේ පවතින වැසි තත්වය තවදුරටත් අපේක්ෂා කරන බවයි.

Related posts

මහර බන්ධනාගාර ගැටුමෙන් මිය ගිය තවත් සිව් දෙනෙකු හඳුනා ගනී

Mohamed Dilsad

කාන්තා පොලිස් නිලධාරිනියක් නියෝජ්‍ය පොලිස්පති ධුරයට උසස් කරයි

Mohamed Dilsad

ඇඳිරි නීති බලපත්‍රවල වලංගු කාලය දීර්ඝ කරයි

Mohamed Dilsad

Leave a Comment