දේශීය

රඹුක්කනදී පොලිස් උණ්ඩයට බිළිවූ චමින්දගේ අවසන් කටයුතු අද

(UTV | කොළඹ) – රඹුක්කනදී පොලිස් වෙඩි පහරින් මියගිය කේ. බී. චමින්ද ලක්ෂාන් ගේ අවසන් කටයුතු අද දේවාලේගම පොලිස් වසමේ නාරන්බැද්ද හිරිවඩුන්නේදී සිදු කිරීමට නියමිතයි.

දේහය භූමදානය කර අවසන් වන තෙක් ප්‍රදේශයේ සාමය ආරක්ෂා කරගැනීමට ත්‍රිවිධ හමුදා සහය ලබා දෙන ලෙසයි පොලිස්පතිවරයා ආරක්ෂක ලේකම්වරයාගෙන් ඉල්ලා ඇත්තේ.

ඒ අනුව මහජන ආරක්ෂක පනතේ 12(1) වගන්තිය ප්‍රකාරව කෑගල්ල දිස්ත්‍රික්කය ද ආවරණය වන පරිදි මහජන සාමය ආරක්ෂා කිරීම සඳහා ත්‍රිවිධ හමුදාව කැඳවා තිබෙනවා.

අද දිනය දක්වා දේවාලේගම, රඔුක්කන, කෑගල්ල පොලිස් බල ප්‍රදේශ වල සාමය ආරක්ෂා කිරීමට ත්‍රිවිධ හමුදා සහය හිමිවන බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේ.

Related posts

දයාසිරි ගැන විමර්ශනය කරන්න පත් කළ කමිටුවෙන් ගයන්ත ඉවත්වෙයි.

Editor O

අලුත් අවුරුද්දට, අඩු මිලට කේක් දෙන්න, බේකරි හිමියෝ සහන ඉල්ලති.

Editor O

ලංකාවට පැමිණෙන සංචාරකයන් වෙනුවෙන් නව නිරෝධායන ක්‍රියාදාමයක් [RELEASE]

Mohamed Dilsad

Leave a Comment