Trending Newsඑසැන පුවත්දේශීය

දයාසිරි ගැන විමර්ශනය කරන්න පත් කළ කමිටුවෙන් ගයන්ත ඉවත්වෙයි.

දයාසිරි ජයසේකර මහතාගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් ලද පැමිණිල්ලක් විමර්ශනය කර වාර්තා කිරීමට පත්කළ ත්‍රිපුද්ගල කමිටුවෙන් ගයන්ත කරුණාතිලක මහතා ඉවත් වී ඇත. අද (6) දිනයට අදාළ පාර්ලිමේන්තු කටයුතු ආරම්භ කරමින් කථානායක ජගත් වික්‍රමරත්න මහතා මේ බව පාර්ලිමේන්තුවට දැනුම්දුන්නේය.

ඒ අනුව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ගයන්ත කරුණාතිලක මහතා වෙනුවට නීතිඥ රවුෆ් හකීම් මහතා පත්කළ බව කථානායකවරයා දන්වා සිටියේය. ඉකුත් මැයි 20වනදා පාර්ලිමේන්තු සභා ගර්භය තුළදී නීතිඥ දයාසිරි ජයසේකර මහතාගේ ක්‍රියාකලාපය සම්බන්ධව ලද පැමිණිල්ලක් සැලකිල්ලට ගනිමින් මෙම ත්‍රිපුද්ගල කමිටුව පත්කර තිබුණි.

මෙම කමිටුවේ සභාපති ලෙස නියෝජ්‍ය කාරක සභා සභාපතිනි හේමාලි වීරසේකර මහත්මිය කටයුතු කරන අතර, අනෙක් සාමාජිකයා වන්නේ විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතාය.

Related posts

“UNP stands for abolishing Executive Presidency as promised in 2014” – Premier

Mohamed Dilsad

இன்று(03) முதல் முச்சக்கரவண்டி கட்டணம் குறைப்பு

Mohamed Dilsad

පානදුර කර්මාන්තශාලාවකුත් වැසෙයි

Mohamed Dilsad

Leave a Comment