Trending Newsඑසැන පුවත්දේශීය

අය-වැය 2025 කෙටුම්පත සඳුදා (17) පාර්ලිමේන්තුවට

අය-වැය කෙටුම්පත 2025 එළඹෙන සඳුදා (17) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි. ඒ අනුව විසර්ජන පනත් කෙටුම්පතේ දෙවැනිවර කියවීම සඳුදා පෙ.ව 10.30 ට මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර දිසානායක මහතා විසින් පාර්ලිමේන්තුවේදී සිදු කිරීමට නියමිතයි.

අනතුරුව අයවැය විවාදය 2025 පෙබරවාරි 18 සිට මාර්තු 21 දක්වා පැවැත්වීමට කටයුතු යොදා ඇත. විසර්ජන පනත් කෙටුම්පත දෙවැනිවර කියවීමේ විවාදය පෙබරවාරි 18 සිට 25 දක්වා පැවැත්වෙන අතර දෙවෙනි වර කියවීමේ ජන්ද විමසීම 25 වැනිදා පස්වරු 06.00ට පැවැත්වෙනු ඇති. අනතුරුව 2025 විසර්ජන පනත් කෙටුම්පතට අදාළ කාරක සභා අවස්ථාවේ විවාදය පෙබරවාරි 27 සිට මාර්තු 21 දක්වා සෙනසුරාදා දින 4ක්ද ඇතුළුව දින 19ක් පැවැත්වීමට සැලසුම් කර තිබේ.

විසර්ජන පනත් කෙටුම්පත තෙවනවර කියවීමේ ඡන්ද විමසීම මාර්තු 21 වැනිදා ප.ව 6.00ට පැවැත්වීමට නියමිතයි.

Related posts

North Korea tests short-range missiles

Mohamed Dilsad

நாடு திரும்பினார் ஜனாதிபதி

Mohamed Dilsad

SLFP Central Committee to convene today

Mohamed Dilsad

Leave a Comment