Trending Newsඑසැන පුවත්දේශීය

වායු සමනය කළ මැදිරි සහිත කාර්යාලයීය දුම්රිය කිහිපයක් ධාවනයට සැලසුමක්

වායු සමනය කළ මැදිරි සහිත කාර්යාලීය දුම්රිය කිහිපයක් ධාවනයට එක් කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුවේ අවධානය යොමුව තිබේ. ඒ අනුව ගාල්ල සිට කොළඹ කොටුව දක්වා දුම්රිය දෙකක්, අවිස්සාවේල්ල සිට කොළඹ කොටුව දක්වා එක් දුම්රියක්, වේයන්ගොඩ සිට කොළඹ කොටුව දක්වා එක් දුම්රියක් සහ මීගමුව සිට කොළඹ කොටුව දක්වා එක් දුම්රියක් එලෙස යෙදවීමට සැලසුම් කර ඇත.

මෙම වසර අවසන් වීමට පෙර එම දුම්රියන් ධාවනයට එක් කිරීමට නියමිත බව වාර්තා වේ. ඒ සදහා දැනට දුම්රිය දෙපාර්තමේන්තුව තුළ පවතින එන්ජින් සහ මැදිරි අලුත්වැඩියා කර ධාවනය කරවීමට සැලසුම් කර ඇති බව දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර මහතා පැවසීය.

එම දුම්රියන් අලුත්වැඩියා කිරීම් කටයුතු මේ වන විටත් ආරම්භ කර තිබේ. එම දුම්රිය ධාවනය කිරීම සදහා අවශ්‍ය කාර්ය මණ්ඩලය කොන්ත්‍රාත් පදනම මත බඳවා ගැනීමට නියමිතය.

මේ අතර මුහුදුබඩ දුම්රිය මාර්ගයේ ධාවනය වන රාත්‍රී තැපැල් දුම්රිය බෙලිඅත්ත දුම්රිය ස්ථානය දක්වා ධාවනය කිරීමටද අවධානය යොමුව ඇති බව දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර මහතා පැවසීය. එම තැපැල් දුම්රිය මේ දක්වා ධාවනය වන්නේ ගාල්ල දුම්රිය ස්ථානය දක්වා පමණි.

Related posts

மண்சரிவு அபாயம்: 400க்கும் மேற்பட்டோர் வெளியேற்றம்

Mohamed Dilsad

විරෝධතා නොතකා විදුළි සැපයුම අඛණ්ඩව – වෘත්තීය සමිති

Mohamed Dilsad

அவுஸ்திரேலியப் பிரதமராக மீண்டும் ஸ்கொட் மோரிசன் பதவியேற்பு

Mohamed Dilsad

Leave a Comment