දේශීය

විරෝධතා නොතකා විදුළි සැපයුම අඛණ්ඩව – වෘත්තීය සමිති

(UTV | කොළඹ) – යුගදනවි බලාගාරය අමරිකානු සමාගමකට පැවරීමට විරෝධය පළකරමින් හෙට දිනයේදී උද්ඝෝෂණයක් ක්‍රියාත්මක කළද රටේ විදුළි සැපයුම අඛණ්ඩව පවත්වාගෙන යන බවට ලංකා විදුළි සේවක සංගමය සහතික වනවා.

කෙසේ නමුත් හෙට ක්‍රියාත්මක උද්ඝෝෂණයේදී රට පුරා විදුළි විසංධි කිරීමක් සිදුකර ආණ්ඩුව ජනතාව අපහසුතාවට පත්කරයිද යන්න සම්බන්ධයෙන් සැකයක් පනතින බවයි ලංකා විදුළි සේවක සංගමයේ ප්‍රධාන ලේකම් රංජන් ජයලාල් මහතා කියා සිටියේ.

හෙට දිනයේදී ක්‍රියාත්මක කරනුයේ උද්ඝෝෂණ ව්‍යාපාරයක් මිස වැඩ වර්ජනයක් නොවන බවද රංජන් ජයලාල් මහතා මෙහිදී ප්‍රකාශ කළා.

Related posts

අත්‍යවශ්‍ය භාණ්ඩ හිඟයකින් තොරව වෙළෙඳපොළට

Mohamed Dilsad

ආරක්ෂක අංශවලට සජිත්ගෙන් පණිවිඩයක්

Mohamed Dilsad

බේරේ වැව පිරිසිදු කිරීමට චීන සහය ලබා ගැනීමට සාකච්ඡාවක්

Editor O

Leave a Comment