Trending Newsඑසැන පුවත්දේශීය

ස්වාධීන අභිචෝදක කාර්යාලයක් ස්ථාපිත කිරීමට තීරණයක්

රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ සඳහන් පරිදි ස්වාධීන අභිචෝදක කාර්යාලක් ස්ථාපිත කිරීමට අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍යංශය තීරණය කර තිබේ. ඒ අනුව එහි මූලික පියවරක් වශයෙන් විද්වත් කමිටුවක් පත් කිරීමට යෝජිත අතර එම කමිටුව කරුණු කීපයකින් සමන් විත වේ.

එම කමිටුව සඳහා නීතිපතිවරයා හෝ නීතිපතිවරයා විසින් නම් කරන නියෝජිතයින් දෙදෙනෙක්, අධිකරණ අමාත්‍යංශයේ ලේකම්, අධිකරණ සේවයේ උක්ත විෂය සම්බන්ධයෙන් ප්‍රාමාණික දැනුමක් ඇති ජ්‍යෙෂ්ඨ විනිසුරුවරයෙකු, ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සභාපතිවරයා හෝ සභාපතිවරයා විසින් නම් කරන නියෝජිතයෙකුගෙන් සමන්විත වේ.

යෝජිත ස්වාධීන අභිචෝදක කාර්යාලය ස්ථාපිත කිරීම සම්බන්ධයෙන් මෙම කමිටුව විසින් මුලික සැලසුම් සිදු කරනු ඇති බව අධිකරණ අමාත්‍යංශය පවසයි.

එහි මුලික සංකල්ප පත්‍රිකාව කෙටුම්පත් කිරීමෙන් අනතුරුව මහජනතාවගේ සහ සිවිල් සංවිධානවල අදහස් ලබා ගැනීම සිදු කිරීමට කටයුතු කිරීමට ද අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍යංශය සැලසුම් කර තිබේ.

Related posts

இலங்கை மற்றும் செக்குடியரசுக்கிடையில் வர்த்தக நடவடிக்கைகளை மேம்படுத்தத்திட்டம்

Mohamed Dilsad

කොරෝනා ආසාදිතයන් ගණන 238 ක් දක්වා ඉහළට

Mohamed Dilsad

සොයිසාපුර වෙඩි තැබීමේ තවත් සැකකරුවෙක් අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment