Trending Newsඑසැන පුවත්දේශීය

පාර්ලිමේන්තු සම්ප්‍රදාය, ස්ථාවර නියෝග, පාර්ලිමේන්තු වරප්‍රසාද, වත්මන් ආණ්ඩුව විසින් උල්ලංඝනය කරනවා – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

කමිටුවල නියෝජනය පිළිබඳ ගැටලුව වෙනුවෙන් කතානායක සහ සභානායක සමගත්, ජනාධිපතිවරයා සමග හමුවී මෙන්ම දුරකථනයෙන් ද සාකච්ඡා කළ බවත් මේ තැනට ආවේ විසඳුමක් නොමැති නිසා බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. විපක්ෂ නායකවරයා එම අදහස් පළ කළේ ඊයේ (05) පාර්ලිමේන්තුවේ දී ය.

ස්ථාවර නියෝග, සම්ප්‍රදාය, ක්‍රමවේදය ගැන කතානායකවරයාම කතා කළත් අද වන විට සම්ප්‍රදාය විනාශ වී ඇති බවත් සියලුම මන්ත්‍රීවරුන්ට Erskine May සහ කවුලන් ෂඩ්ලර් යන නීතිරීති සම්ප්‍රදායන් ඇති පොත් කියවන ලෙස යෝජනා කළ බවත් මේ අය මිත්‍රත්ව සංගම්වල ඡන්ද තියන්න පවා හැදු බවත් මේවා සම්ප්‍රදාය නොවන බැවින් නම්‍යශීලී වී විපක්ෂයට කමිටුවල නියෝජන සඳහා අවශ්‍ය ප්‍රමාණය ලබා දෙන ලෙසත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කළේය.

සමූපකාර ඡන්ද මර්දනය කිරීමටත්, කඹුරුපිටියේ සාමකාමී උද්ඝෝෂණයකට තර්ජනය කිරීම, මෙන්ම, පේරාදෙණිය විශ්වවිද්‍යාලය තුළ, අයි එම් එෆ් එකට විරුද්ධව කතා කිරීමේ දී මර්දනය සිදුවූ බවත් සිහිපත් කළ විපක්ෂ නායකවරයා මේ මර්දනය අනුමත කළ නොහැකි බවත් අවධාරණය කළේය

Related posts

Mark Ruffalo set for Haynes’ DuPont drama

Mohamed Dilsad

බම්බලපිටියේ ව්‍යාජ අධ්‍යාපන ආයතනයක් වටලයි – අධ්‍යක්ෂවරිය අත්අඩංගුවට

Mohamed Dilsad

சூர்யாவுக்காக லண்டன் பறந்த ஹாரிஸ் ஜெயராஜ்

Mohamed Dilsad

Leave a Comment