Trending Newsඑසැන පුවත්දේශීය

නිදහස් දිනයේදී එක්සත් ජාතික පක්ෂයෙන් අලුත් වැඩක්

එක්සත් ජාතික පක්ෂය තම සංවිධාන ශක්තිය තාක්ෂණය සමඟ එක්කර ගනිමින්, නව ඩිජිටල් යුගයකට පා තබන විශේෂ ඩිජිටල් දියත් කිරීමක් 2026 පෙබරවාරි 04 වැනි දින සිරිකොත පක්ෂ මූලස්ථානයේදී පැවැත්වීමට නියමිත බව එක්සත් ජාතික පක්ෂය ප්‍රකාශ කරනවා.

එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් මෙය සිදුකිරීමට නියමිතයි.

මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාව පුරා සියලුම මැතිවරණ කොට්ඨාශ ආවරණය වන පරිදි ඩිජිටල් පාලක සම්බන්ධීකාරකවරුන් (Digital Ward Coordinators) පත් කිරීම නිල වශයෙන් ආරම්භ කරනු ලබයි.

එම අවස්ථාව වෙනුවෙන් මුලිකව පාලක සම්බන්ධීකරණ නිලධාරීන් 1000 දෙනෙකු මෙදින පත් කිරීම සිදු කරනු ලබයි.

එමගින් පක්ෂ සංවිධාන ක්‍රියාවලිය වඩාත් කාර්යක්ෂම , වේගවත් සහ ජනතාවට සමීපවීමට අපේක්ෂා කරන බව එක්සත් ජාතික පක්ෂය පවසනවා.

ඊට අමතරව, එක්සත් ජාතික පක්ෂයේ නව UNP ජංගම යෙදුම (UNP App) ඉදිරියේදී නිල වශයෙන් හඳුන්වා දීමට නියමිතයි .

මෙම යෙදුම මගින් පක්ෂ සාමාජිකයන්ට, සංවිධායකයන්ට සහ ජනතාවට තොරතුරු හුවමාරු කර ගැනීම , දැනුවත් කිරීම සහ සම්බන්ධතා වර්ධනය කිරීම සඳහා නව ඩිජිටල් වේදිකාවක් සැපයීමට සැලසුම් කර තිබෙනවා.

මෙම ඩිජිටල් දියත් කිරීමේ තවත් වැදගත් අංගයක් ලෙස, සිරිකොත පක්ෂ මූලස්ථානයේ Starlink අධිවේගී අන්තර්ජාල පහසුකම නිල වශයෙන් ආරම්භ කිරීමද සිදු කෙරෙනවා.

එය පක්ෂයේ ඩිජිටල් සන්නිවේදන හැකියාවන් වඩාත් ශක්තිමත් කරනු ඇති ඇති බවට අපේක්ෂා කෙරෙනවා.

ජනතාවට සමීප, නවෝත්පාදන සහ තාක්ෂණය භාවිතා කරන දේශපාලන සංස්කෘතියක් ගොඩ නැගීම එක්සත් ජාතික පක්ෂයේ මූලික අරමුණ වන අතර, මෙම ඩිජිටල් දියත් කිරීම ඒ දිශාවට ගත් වැදගත් පියවරක් වශයෙන් ද එක්සත් ජාතික පක්ෂය ප්‍රකාශ කරනවා .

Related posts

FR petitions against gazette to dissolve Parliament commenced

Mohamed Dilsad

වාහන අංක තහඩු මුද්‍රණය කිරීම නතර කර මාසයකට ආසන්නයි…!

Editor O

லோட்டஸ் வீதிக்கு பூட்டு

Mohamed Dilsad

Leave a Comment