Trending Newsඑසැන පුවත්දේශීය

මහාචාර්ය නීලිකා මලවිගේට ජාත්‍යන්තර තනතුරක්

ජාත්‍යන්තර බෝවන රෝග සංගමයේ තේරී පත් වූ සභාපතිනිය ලෙස, මහාචාර්ය නීලිකා මලවිගේ මහත්මිය පත් කර තිබේ. ඒ අනුව ඇය 2027 වර්ෂයේ සිට අදාළ ධුරයේ රාජකාරී ආරම්භ කිරීමට නියමිත බව වාර්තා වේ.

ජාත්‍යන්තර බෝවන රෝග සංගමයේ සභාපති ධුරය වසර දෙකක කාලයක් දැරිය හැකිය. බෝවන රෝග ක්ෂේත්‍රයට ලබා දී ඇති දායකත්වය සැලකිල්ලට ගනිමින් මහාචාර්ය නීලිකා මලවිගේ මහත්මිය අදාළ ධුරය සඳහා ජාත්‍යන්තර බෝවන රෝග සංගමය විසින් තෝරා පත් කරගෙන ඇති බව සඳහන්ය.

මහාචාර්ය නීලිකා මලවිගේ මහත්මිය ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ප්‍රතිශක්තිකරණය හා අනුක වෛද්‍ය විද්‍යා දෙපාර්තමේන්තුවේ මහාචාර්යවරියක් ලෙස කටයුතු කරනු ලබයි. ඇය කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය උපාධිධාරිනියක් වන අතර ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයෙන් ආචාර්ය උපාධිය ද හිමිකරගෙන තිබේ.

ඩෙංගු රෝගය සම්බන්ධයෙන් මෙන්ම කොවිඩ් -19 වෛරසය, සාර්ස් වෛරසය වැනි වෛරස් ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් ඇය විසින් සිදුකරන ලද පර්යේෂණ සඳහා ජාත්‍යන්තරයේ පිළිගැනීමක් පවතී. ලොව බලපෑම් සහගත පර්යේෂණ අගය කරමින් එල්.සේවියර් ස්ටෑන්ෆර්ඩ් ශ්‍රේණිගත කිරීම්වලට අනුව මහාචාර්ය නීලිකා මලවිගේ මහත්මිය ලොව ඉහළම විද්‍යාඥයින්ගේ ලැයිස්තුවට ද ඇතුළත්ව සිටී.

Related posts

Chinese enterprises job fair to be held in Sri Lanka

Mohamed Dilsad

அமைதி,நல்லிணக்கத்திற்காக அனைவரும் பிரார்த்திப்போம்

Mohamed Dilsad

கேரள கஞ்சாவுடன் மூவர் கைது

Mohamed Dilsad

Leave a Comment