Trending Newsඑසැන පුවත්දේශීය

සජබ සහ එජාප නායකයින්ට, අනුර යාපාගෙන් සැර ප්‍රකාශයක්

මෙරට ප්‍රධාන පක්ෂ දෙක බිඳ වැටීම ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනයට හිතකර නොවන බව හිටපු අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මහතා ප්‍රකාශ කරයි.

ප්‍රියදර්ශන මහතා මෙසේ ද කීවේය. ප්‍රධාන පක්ෂ දෙක බිඳවැටීමෙන් ජනතාවගේ බලාපොරොත්තු කඩවෙලා. පක්ෂ දෙක එකතු වී ජනතාව අතර විශ්වාසය යළි ගොඩනැගීමට කටයුතු කළ යුතුයි. ප්‍රධාන දේශපාලන ධාරා දෙකේ නායකයෝ එකතුවෙලා ප්‍රධාන පක්ෂ දෙක නිර්මාණය කළ යුතුයි. බෙදී-බෙදී කෑලි කැඩී-කැඩී දේශපාලන ගමනක් යන්න බැහැ. දුර්වල පක්ෂ ගණනාවක් තබා ගැනීමෙන් රටක ප්‍රජාතන්ත්‍රවාදය නිර්මාණය වෙන්නේ නැහැ. ප්‍රජාතන්ත්‍රවාදයේ විශ්වාසය ජනතාව තුළ ස්ථාපිත කිරීමට ප්‍රධාන දේශපාලන පක්ෂ දෙක කටයුතු කළ යුතුයි. ප්‍රධාන පක්ෂ දෙක ශක්තිමත් කිරීමට එහි නායකයින්ට නොහැකි නම් ඔවුන් දේශපාලනයෙන් සමුගත යුතු බව ද හෙතෙම කීවේය.

Related posts

Liam Hemsworth seems upset post split with Miley Cyrus

Mohamed Dilsad

பாடசாலை சுற்றாடல் பகுதியில் டெங்கு

Mohamed Dilsad

மின்தூக்கியில் பயணிப்பவர்களின் எண்ணிக்கை மட்டு?

Mohamed Dilsad

Leave a Comment