Trending Newsඑසැන පුවත්දේශීය

ශක්තිමත් විපක්ෂයක් ගොඩනැගීමට විපක්ෂයේ සාකච්ඡාවක්

පාර්ලිමේන්තුව තුළත් ඉන් පිටතත් ජනතාවගේ හඬ වැඩි වැඩියෙන් නියෝජනය කරමින් ශක්තිමත් විපක්ෂයක් ගොඩනැගි⁣මේ අරමුණින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ මූලිකත්වයෙන්, විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේ දී සාකච්ඡාවක් පවත්වා තිබේ.

එහිදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් පාර්ලිමේන්තුවේත් ඉන් පිටතත් ශක්තිමත් විපක්ෂයක් ගොඩනගා ජනතාවගේ ගැටලු ආණ්ඩුවේ අවධානයට යොමු කිරීම සඳහා සැවොම පෙළ ගැසෙන ලෙස විපක්ෂය නියෝජනය කරනා සෙසු පක්ෂ නායකයන්ගෙන් ඉල්ලා සිටි බව සඳහන්. ඒ තුළින් වඩාත් ශක්තිමත් පාර්ලිමේන්තුවක් නිර්මාණය කළ හැකි බවයි විපක්ෂ නායකවරයා සඳහන් කර තිබේ.

එමෙන්ම ප්‍රේමදාස මහතා මෙහිදී කියා සිටියේ ආණ්ඩුවේ යහපත් ක්‍රියාමාර්ගවලට සහය දක්වනවා සේම රටට ජනතාවට හානියක් වන ඕනෑම අවස්ථාවක ඊට ⁣එරෙහිව ජනතාව වෙනුවෙන් නැගී සිටිය යුතු බවයි.

Related posts

Sudan junta and civilians sign power-sharing deal

Mohamed Dilsad

කුරුණෑගල නගරාධිපතිවරයා අත්අඩංගුවට ගැනීමට නියෝග

Mohamed Dilsad

மலேரியா நோயின் பரவல் தீவிரம்

Mohamed Dilsad

Leave a Comment