Trending Newsඑසැන පුවත්දේශීය

නාමල් රාජපක්ෂ, පොලිස් ඇමතිට සැරටම කියයි.

රටේ ජනතාවගේ ප්‍රශ්න විසඳීමට කාලය වැයකරනවා වෙනුවට තමන්ගේ පවුලේ අයව දඩයම් කිරීමට කටයුතු කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි. යෝෂිත රාජපක්ෂ මහතාව අද (27) උදෑසන අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට රැගෙන ආ අතර එම අවස්ථාවේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් නාමල් රාජපක්ෂ මහතා පවසා සිටියේ පාර්ලිමේන්තුවේ හඬ නගන්නේ තමා වුවත් එයට වන්දි ගෙවීමට සිදුවුණේ තම සහෝදරයාට බවය.

නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා මෙසේ ද කීවේය. “ඇයි මෙහෙම කරන්නේ කියලා මගෙන් අහන්න එපා. ඒක අහන්න නියෝජ්‍ය ආරක්ෂක ඇමතිගෙන්, පොලිස් ඇමතිගෙන් සහ රටේ ජනාධිපතිවරයාගෙන්. හැබැයි ඉතින් රටේ ජනතාවගේ ප්‍රශ්න විසඳන්න කාලය වැයකරන්න ඕන ආණ්ඩුව දේශපාලනඥයින්ව දඩයම් කරන්න සහ පවුලේ අයව දඩයම් කරන්න යොදනවා. පාර්ලිමේන්තුවේ කෑගහන්නේ මම. හිරේ යන්නේ මල්ලි.

අපරාදේ හයිවේ එක දිගේ බෙලිඅත්තටම ඇවිත් අත්අඩංගුවට ගත්ත එක. අපිට එන්න කිව්වානම් අපි එනවා. තෙල් ගහගෙන බෙලිඅත්තට යන්නේ අපරාදේ. එන්න කිව්වා නම් ඇවිත් කටඋත්තරය දෙනවානේ. අපි වැරැද්දක් කරලා තියෙනවා නම් අධිකරණයේ දී ඔප්පු කරන්න. මාධ්‍ය සංදර්ශන දාලා රටේ ජනතාවගේ මුදල් නාස්ති කරන්න එපා.

මේ නඩුව පටන් ගත්තේ දුෂණ මර්දන කමිටුවේ ලේකම්වරයා විදියට අද ඉන්න පොලිසිය බාර අමාත්‍යවරයා. එතුමාගේ එදා තිබුණ දේශපාලන දඩයම අද සාක්ෂි හද හදා ඒ විදියටම ක්‍රියාත්මක කරන්න උත්සාහ කරනවා. විපක්ෂය මර්දනය කරලා තමන්ගේ දේශපාලනය කරන්න ආණ්ඩුව හදන්නේ. පැහැදිලිව අපි වැරැද්දක් කරලා තියෙනවා නම් ඒ වැරැද්ද අධිකරණයේ දී ඔප්පු කරන්න. මාධ්‍ය සංදර්ශන දාලා මුදල් නාස්ති කරන්න එපා.”

Related posts

Pakistan NDU delegation and Lankan Naval Officers hold talks on matters of mutual interest

Mohamed Dilsad

கற்குகையொன்றில் இருந்து சடலம் மீட்பு…

Mohamed Dilsad

உடவளவை நீர்த்தேத்தின் திறக்கப்பட்ட இரண்டு வான் கதவுகள் மூடல்

Mohamed Dilsad

Leave a Comment