Trending Newsඑසැන පුවත්දේශීය

පළාත් පාලන ඡන්ද විමසීම ගැන ඉඟියක්

පළාත් පාලන ආයතන ඡන්ද විමසීම ලබන අප්‍රේල් මාසය තුළ පැවැත්වීම හැකියාව ලැබෙනු ඇතැයි අපේක්ෂා කරන බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා සඳහන් කරයි. .

පළාත් පාලන ඡන්ද විමසීම පිළිබඳ විශේෂ විධිවිධාන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ දී සම්මත වීමෙන් පසු ඡන්ද විමසීම පිළිබඳව තීන්දු තීරණ ගැනීමේ හැකියාව පවතින බව ඔහු පවසයි. මාතර ප්‍රදේශයේ පැවති වැඩසටහනකට එක්වෙමින් සමන් ශ්‍රී රත්නායක මහතා එ බව කියා සිටියේය.

මේ අතර මැතිවරණ සම්බන්ධ සිද්ධීන් විභාග කිරීම සඳහා වෙනම ම අධිකරණයක් ස්ථාපිත කිරීමේ අවශ්‍යතාව පිළිබඳව ද මැතිවරණ කොමසාරිස්වරයා පෙන්වා දුන්නේය.

Related posts

ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවෙන් දැනුම්දීමක්

Editor O

ගාල්ල පාසල් තවදුරටත් වසා තැබෙයි

Mohamed Dilsad

සමගි ජන බලවේග ආණ්ඩුවක් යටතේ ස්ථිර වශයෙන්ම පක්ෂ මාරු ක්‍රමය නතර කරනවා – සජිත් ප්‍රේමදාස

Editor O

Leave a Comment