Trending Newsඑසැන පුවත්දේශීය

මින් ඉදිරියට ආණ්ඩුවට සහය නැහැ – යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා රාමනාදන්

ආණ්ඩු පක්ෂයට මින් ඉදිරියට සහාය ලබානොදෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය රාමනාදන් අර්ජුනා මහතා අද (23) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය. පාර්ලිමේන්තුවේ දී තමාගේ වරප්‍රසාද කඩවීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේය.

පාර්ලිමේන්තුවේ කතා කිරීමේ අවස්ථාව ලැබුණේ දින 36ක ට පසුව බවත්,  ආණ්ඩුව සාධාරණයක් සිදුකරනු ඇතැයි අපේක්ෂා කළ ද එවැනිනක් සිදුනොවුණ බව ද මන්ත්‍රීවරයා පැවසීය.

පාර්ලිමේන්තු සභානායක, අමාත්‍ය බිමල් රත්නායක මහතා ප්‍රකාශ කළේ, අර්චුනා මන්ත්‍රීවරයාට කතා කිරීමට වේලාව වෙන්කර දීම ආණ්ඩුවේ නොව විපක්ෂයේ වගකීමක් බවය.

ඒ වෙනුවෙන් තමා නිතර කථානායකවරයා පවා දැනුවත් කර ඇති බවත් මන්ත්‍රීවරයාගේ කථා කිරීමේ අයිතිය තහවුරු කිරීම වෙනුවෙන් ආණ්ඩුව පෙනී සිටින බව ද බිමල් රත්නායක මහාත පැවසීය.

මේ අතර විපක්ෂය වෙනුවෙන් පිළිතුරු දෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක මහතා කියා සිටියේ, විපක්ෂයේ සියලු මන්ත්‍රීවරු සමග කතා කර සාධාරණ ලෙස කාලය වෙන්කිරීමට සහ කතා කරන ස්ථානය වෙන්කිරීමට කටයුතු කළ බවය.

අර්චුනා මන්ත්‍රීවරයා එම කටයුතුවලට එකඟවන්නේ නම් ඒ වෙනුවෙන් අවස්ථාව ලබාදීමට හැකියාව ඇති බව ද මන්ත්‍රීවරයා මෙහිදී පැවසීය. මෙහිදී අදහස් දැක්වු පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය අර්ච්චුනා මන්ත්‍රීවරයා මෙසේ ද කීවේය.

“මම සාමාන්‍ය මන්ත්‍රීවරයෙක් ලෙස පත්වුණේ මේ සැරේ. ඊට කලින් මම දොස්තර කෙනෙක්. මීඩියාවල මගේ හැසිරීම ගැන කම්ප්ලේන් ඇවිල්ලා තියෙනවා ද ? එක නඩුවක්වත් දේශපාලනයට එන්න කලින් වැටිලා තියෙනවා ද ? හොයලා බලන්න. ඇයි මට ටයිම් එක වෙන් කරලා නැත්තේ. මට ඇයි කොටි කොටි කියලා පීඩනයකට ලක්කරන්නේ. මම කොටි නම් ඇරස්ට් කරන්න. නැත්නම් වෙඩි තියන්න. ඔයාලා මිනී මරලා තියෙනවා. මීනි මරපු ආණ්ඩුවක් තමා මේක…මන්නාරමේ අධිකරණය ඉස්සරහා දෙන්නෙක් මැරුවා. දෙහිවල එක්කෙනෙක් මැරුවා. මාව මැරුවොත් ආණ්ඩුව වගකියන්න ඕනේ.”

Related posts

Supplementary estimates for defeated Ministries submitted

Mohamed Dilsad

ජනාධිපතිවරණය සැප්තැම්බර් 21 වෙනිදා.

Editor O

கிழக்கு மாகாண சபை உறுப்பினர் நா.திரவியம் மீது தாக்குதல்

Mohamed Dilsad

Leave a Comment