Trending Newsඑසැන පුවත්දේශීයව්‍යාපාරික

මිනිපේ සහ මහියංගන වී ගබඩා පිරිසිදු කරයි.

මෙතෙත්, වල් බිහිවී විනාශයට පත් වෙමින් තිබු, මිණිපේ හා මහියංගණ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයන්හි වී ගබඩා පිරිසිදු කිරීම ආරම්භ කර තිබේ.

යුද හමුදාව හා ගොවි ජනතාව හා ප්‍රදේශවාසීන් එක්ව ඊයේ (21) දිනය පුරා “ක්ලීන් ශ්‍රී ලංකා“ වැඩසටහනට යටතේ මෙම පිරිසිදු කිරිම ආරම්භ කරනු ලැබු බවයි අප ප්‍රාදේශීය වාර්තාකරු සඳහන් කළේ.

මෙවර මහ කන්නයේ වී අස්වැන්න මිලදී ගැනීම සඳහා සූදානම් කිරීමේ අරමුණින් රජය විසින් එම කටයුත්ත ආරම්භ කරනු ලැබුවා.

ඒ අනුව මිණිපේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් මොරයාය නගරයේ පවතින වී ගබඩාව,මහියංගණ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් මහියංගණ නගරයේ පිහිටි ‘වී’ ගබඩාව සහ මහියංගණ නගරය ආසන්න වී ගබඩා සංකීර්ණවල පිරිසිදු කිරීමේ කටයුතු එලෙස ආරම්භ කර තිබෙනවා.

මහියංගණ සමුපකාරයට අයත් මේ වන විට වසා ඇති වී ඇඹරුම් ස්ථානයේ යන්ත්‍ර රැසක් විනාශ වීමට අතහැර ඇති අතර, එම ගොඩනැගිල්ල තුල රාත්‍රී කාලයේ ගැට ගසා යන ගවයෙකුද ඒ මොහොතේ රැඳි සිට ඇති බව සඳහන්.

Related posts

கொழும்பு பாதுகாப்பு கருத்தரங்கு இன்று ஆரம்பம்

Mohamed Dilsad

இலங்கை கிரிக்கட்டின் புதிய தேர்வுக்குழு நியமனம்…

Mohamed Dilsad

Donald Trump: Mexico condemns new US immigrant guidelines

Mohamed Dilsad

Leave a Comment