Trending Newsඑසැන පුවත්දේශීයව්‍යාපාරික

අනිවාර්යයෙන් පරීක්ෂා කළ යුතු බහාලුම් රැසක් පරීක්ෂා නොකර රේගුවෙන් පිට කරලා – රේගු නිලධාරී සංගමය

අනිවාර්යෙන් පරීක්ෂා කළ යුතු රතු ලේබලයෙන් යුතු බහාළුම් වැඩි ප‍්‍රමාණයක් ඇතුළත් බහාලුම් 323ක් කිසිදු පරීක්ෂාවකින් තොරවක් වරායෙන් පිට කර ඇති බවට රේගු නිලධාරීන්ගේ සංගමය චෝදනා කරයි.

එම සංගමයේ සභාපති අමිල සංජය මහතා පෙන්වා දෙන්නේ එසේ පරීක්ෂාවකින් තොරව පිට කරන ලද බහුලුම් 323 අතරින් අති බහුතරයක් රතු ලේබලය යටතේ දැඩිව පරීක්ෂා කළ යුතු බහාලූම් බවයි.

මෙසේ පරීක්ෂාවෙන් තොරව මුදා හැර ඇති බහුළුම් අතුරින් සියයට අසූවක් පමණම එතරම් දැඩි පරීක්ෂාවට ලක් කළ යුතු ඒවා වන බවද හෙතෙම කියා සිටී.

මෙවන් බහාලුම් මුදාහැරීමකට කිසිවෙකුට බලයක් නැති බවත් පැවසූ ඔහු පරීක්‍ෂාවකින් තොරව මේවා සමාජයට මුදා හැරීමට හරහා අවි ආයුධ, මත්ද්‍රව්‍ය, බාල ඖෂධ මෙන්ම ඕනෑම නීති විරෝධී ද‍්‍රව්‍යයක් තිබිය හැකි බවද කියා සිටී.

මේවා සම්බන්ධයෙන් අංගනවල කටයුතු කරන රේගු නිලධාරීන් වගකීම බාර නොගන්නා බවත් සඳහන් කළේය. රේගු අධ්‍යක්ෂවරයාගේ අනුදැනුමක් සහිතව මෙම ක්‍රියාවන් සිදුව ඇතැයි පවසන ඔහු ඊට විරෝධය පාමින් තම රාජකාරි වලින් ඉවත් වී තිබේ.

Related posts

Three killed in an accident involving Army truck

Mohamed Dilsad

இராணுவ வீரர் ஒருவர் துப்பாக்கியால் சுட்டு தற்கொலை

Mohamed Dilsad

வட மாகாண அமைச்சு வெற்றிடங்களை நிரப்ப இம்மாதம் 15 ம் திகதிக்குள் நடவடிக்கை எடுக்குமாறு கோரிக்கை!

Mohamed Dilsad

Leave a Comment