Trending Newsඑසැන පුවත්දේශීය

දහ අට වංගුව රෑට වහනවා – දවල්ට අරිනවා.

මහනුවර – මහියංගණය ප්‍රධාන මාර්ගය කහටගොල්ල ප්‍රදේශයෙන් මතුවූ අවදානමක් හේතුවෙන් 18 වංගුව මාර්ගය වසා දැමීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව ගල් පෙරලීමේ අවදානම නිසා නැවත දැනුම්දෙන තුරු සෑම දිනකම පස්වරු 6:00 සිට පෙරවරු 6:00 දක්වා එම මාර්ග කොටස වසා තැබෙනු ඇති. මේ වනවිට හුන්නස්ගිරිය කහටගොල්ල ප්‍රදේශය ආශ්‍රිතව ප්‍රධාන මාර්ගයට ගල් පෙරළීමේ අවදානමක් ඇති බැවින් මාර්ගය තාවකාලික වසා දැමීමට පියවර ගැනුණා. අවදානම් සහිත ගල් ඉවත් කිරීමෙන් අනතුරුව නැවත මාර්ගය විවෘත කිරීමටයි සැලසුම් කර ඇත්තේ.

කෙසේවෙතත් දහවල් කාලයේ වුවද මාර්ගයට ගල් පෙරළීමේ අවදානම පවතින බැවින් දහවල් කාලයේ මෙම මාර්ගය භාවිත කරන රියදුරන් ඉතාමත් කල්පනාකාරීව කටයුතු කළ යුතු බවද දිස්ත්‍රික් ලේකම්වරයා සඳහන් කර තිබෙනවා.

Related posts

ගම්උදා හදා නගර නිර්මාණය කර රට ම සංවර්ධනය කරනවා – ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස

Editor O

Smith eyes century as Australia seize control against N. Zealand

Mohamed Dilsad

மழையுடன் கூடிய வானிலை

Mohamed Dilsad

Leave a Comment