Trending Newsඑසැන පුවත්දේශීයවිදෙස්ව්‍යාපාරික

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල 2025 වසරට අදාළව ඉදිරිපත් කළ නවතම ආර්ථික වර්ධන පුරෝකථනය මෙන්න

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පසුගිය 17 වැනිදා ලෝක ආර්ථික ඉදිරි දැක්ම පිළිබඳ වාර්තාව යාවත්කාලීන කළේය. ඒ අනුව 2025 වසරේ ගෝලීය ආර්ථික වර්ධන පුරෝකථනය 3.3% වන අතර එය පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේ පුරෝකථනයට වඩා 0.1% කින් ඉහළ නංවා ඇත.

2025 වසරේ ඇමරිකානු ආර්ථිකය 2.7% කින් සහ යුරෝ කලාපයේ ආර්ථිකය 1% කින් වර්ධනය වනු ඇතැයි වාර්තාව පුරෝකථනය කරයි. ඒ අතරම, 2025 වසරේ නැගී එන වෙළඳපල ආර්ථිකයන් සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සිය ආර්ථික වර්ධන පුරෝකථනය 4.2% හි පවත්වා තිබේ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් 2025 වසරේ චීන ආර්ථික වර්ධන පුරෝකථනය ද 4.6% දක්වා ඉහළ නැංවීය. එය පසුගිය වසරේ ඔක්තෝම්බර් මාසයේදී පුරෝකථනය කළ ප්‍රතිශත අගයට වඩා 0.1% කින් වැඩි විය.

ඒ සමගම ඇතැම් රටවල ආර්ථික ප්‍රතිපත්තිවල පවතින අවිනිශ්චිතභාවය ලෝක ආර්ථික ප්‍රවණතාවයට බලපානු ඇතැයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අනතුරු අඟවා තිබේ.

Related posts

இலங்கை மற்றும் பாகிஸ்தான் போட்டிக்கு பாதிப்பு

Mohamed Dilsad

ICC Dispute Panel starts hearing of PCB’s compensation case against BCCI

Mohamed Dilsad

16 கோடி ரூபா பெறுமதியான ஹெரோயின் கடல்மார்க்கமாக இலங்கைக்கு

Mohamed Dilsad

Leave a Comment