Trending Newsඑසැන පුවත්දේශීය

”ආචාර්යය” පට්ටම ගැන අහන්න ව්‍යවස්ථාදායක සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවයි.

පාර්ලිමේන්තු වෙබ් අඩවියේ අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර ගේ නම ඉදිරියෙන් ආචාර්ය පදවියක් සඳහන් කළේයැයි කියන සිද්ධිය සම්බන්දයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පාර්ලිමේන්තුවේ ව්‍යවස්ථාදායක සේවා අධ්‍යක්ෂකගෙන් ප්‍රකාශයක් සටහන් කරගෙන තිබේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පාර්ලිමේන්තුවේ ව්‍යවස්ථාදායක සේවා අධ්‍යක්ෂ ජයලත් පෙරේරා මහතාට කල දැනුම්දීමකට අනුව ඔහු එහි පෙනී සිටිමින් මෙම ප්‍රකාශය ලබා දී ඇත. ජයලත් පෙරේරා මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටි දෙවන අවස්ථාව මෙය බව සඳහන්ය.

පාර්ලිමේන්තු වෙබ් අඩවියට මන්ත්‍රීවරුන්ගේ නම් ඇතුළත් කිරීමේ වගකීම පැවරී ඇති සභා ලේකම් කාර්යාලය පවතින්නේ ව්‍යවස්ථාදායක සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා යටතේය. මෙම තත්ත්වය තුළ ජයලත් පෙරේරා මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ඇත. කෙනේ නමුත් මීට පෙර පාර්ලිමේන්තු නිලධාරීන් 08 දෙනෙකු පමණ එම දෙපාර්තමේන්තුවට කැදවා තිබුණි.

පාර්ලිමේන්තු වෙබ් අඩවියේ තම නම ඉදිරියෙන් ආචාර්ය පදවියක් සඳහන් කිරීමෙන් තමාට අපහාසයක් වූ බව පවසමින් අධිකරණ අමාත්‍යවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පසුගියදා පැමිණිල්ලක් සිදු කළේය.

Related posts

World buys more weapons than ever before, India tops list

Mohamed Dilsad

நாளை முதல் மேலதிக வீதி ஒழுங்கு நிரல் நடைமுறையில்

Mohamed Dilsad

CPC’s Trade Unions strike against proposed oil deal with India

Mohamed Dilsad

Leave a Comment