Trending Newsඑසැන පුවත්දේශීයවිදෙස්ව්‍යාපාරික

චීන මුදල් හුවමාරු ගිවිසුම දීර්ඝ කරයි.

ශ්‍රී ලංකා මහ බැංකුව සහ චීන මහජන බැංකුව අතර 2021 වසරේ දී අත්සන් කිරීමට යෙදුණු ද්විපාර්ශ්වික මුදල් හුවමාරු ගිවිසුම තවත් වසර 3ක කාලයක් සඳහා දීර්ඝ කර තිබේ.

ඒ අනුව මුල් ගිවිසුමේ දක්වා ඇති නියමයන් සහ කොන්දේසිවලට යටත්ව 2024 වසරේ දෙසැම්බර් මාසයේ දී සාර්ථකව දීර්ඝ කරනු ලැබූ බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කරයි. චීන යුවාන් බිලියන 10ක (ආසන්න වශයෙන් එ.ජ. ඩොලර් බිලියන 1.4ක) මුදල් හුවමාරු පහසුකම තුළින් චීනය සහ ශ්‍රී ලංකාව අතර පවතින මූල්‍ය සහයෝගීතාව මෙම ගිවිසුමෙන් නිරූපණය කෙරේ.

ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය පී. නන්දලාල් වීරසිංහ මහතා ශ්‍රී ලංකා මහ බැංකුව වෙනුවෙන් ගිවිසුමට අත්සන් තැබීය. එමෙන්ම චීන මහජන බැංකුව වෙනුවෙන් එහි අධිපති පැන් ගොන්‍ශ‍ෙන් මහතා ඊට අත්සන් තබා ඇත.

Related posts

කුලියාපිටියේ ගම්මාන 4ක් හුදකලා කරයි

Mohamed Dilsad

කොරෝනා ව්‍යාප්ත වීම වළක්වා ගැනීමට රජයට සහය වන්නැයි ජනතාවගෙන් ඉල්ලීමක්

Mohamed Dilsad

අධිවේගී මාර්ගයට කුණු දැමූ පුද්ගලයෙක් අත්අඩංගුවට

Editor O

Leave a Comment