දේශීයප්‍රමුඛ පුවත 1

කොරෝනා ව්‍යාප්ත වීම වළක්වා ගැනීමට රජයට සහය වන්නැයි ජනතාවගෙන් ඉල්ලීමක්

(UTV | කොළඹ) – ලෝකය පුරාම සීඝ්‍රයෙන් පැතිරී යන නව කොරෝනා වෛරසය ශ්‍රී ලංකාව තුළ ද ව්‍යාප්ත වීමේ අවදානමක් පවතින හෙයින් ඉන් වැළකීම සඳහා ආරම්භ කර ඇති වැඩපිළිවෙලට සහය වන ලෙසට රජය ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

කොරෝනා ව්‍යාප්ත වී ඇති රටවල් සහ තවමත් ව්‍යාප්ත වී නොමැති රටවල් ඉන් වැළකී සිටීමට විධි විධාන රැසක් ගෙන ඇති බවත් ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරයි.

එසේම , කොරෝනා වෛරසය මෙරට දී ආසාදිත පළමු ශ්‍රී ලාංකිකයාට මේ වන විට අවශ්‍ය ප්‍රතිකාර ලබාදීම ආරම්භ කර ඇතැයි විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ කියා සිටී.

සංචාරක මග පෙන්වන්නෙකු ලෙස ක්‍රියා කළ මොහු ගමන් ගත් ස්ථාන සහ ඔවුන් ඇසුරු කළ පුද්ගලයන් පිළිබද තොරතුරු ලබා ගැනීම ද ආරම්භ කර ඇති බව ජනාධිපති මාධ්‍ය ඒකකය සදහන් කළේය.

Related posts

ඇඳිරි නීතිය නොමැති ප්‍රදේශවල බස් 2,300 ක් ධාවනයට එක්කරයි

Mohamed Dilsad

මැතිවරණ කොමිසමේ විශේෂ සාකච්ඡාවක්

Mohamed Dilsad

ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨයෙන් තවත් නිලධාරීහු 234 ක් විසිර යති

Mohamed Dilsad

Leave a Comment