දේශීය

ඇඳිරි නීතිය නොමැති ප්‍රදේශවල බස් 2,300 ක් ධාවනයට එක්කරයි

(UTV | කොවිඩ් 19) –  ඇඳිරි නීතිය ක්‍රියාත්මක නොවන ප්‍රදේශවල බස්රථ 2,300 ක් පමණ ධාවනය කරන බව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය සඳහන් කරයි.

ඇඳිරි නීතිය නැතත් දිස්ත්‍රික් අතර බස්රථ ධාවනය නොකල අතර ඒ ඒ දිස්ත්‍රික්ක තුළ පමණක් බස්රථ ධාවනය කළ බව ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපතිවරයා පැවසීය.

සියලුම බස්රථවල සිග් සැග් ක්‍රමයට මගීන්ට අසුන්ගන්නට සැලැස්වූ බව ද රාජකාරි සඳහා යන මගීන් වැඩි පිරිසක් බස්රථවල ගමන්ගත් බව ද සභාපතිවරයා සඳහන් කළේය.

කෙසේවෙතත් ආසන ගණනට මගීන් ගෙන යා හැකි ද යන්න සම්බන්ධයෙන් සෞඛ්‍ය අංශ සමග සාකච්ඡා කරමින් සිටින බවත් ඔහු වැඩිදුරටත් පවසා සිටියේය.

Related posts

හෙට අගමැතිගේ ප්‍රධානත්වයෙන් පක්ෂ නායක රැස්වීමක්

Mohamed Dilsad

ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති ඉල්ලා අස්වෙයි.

Editor O

රඳවා ගැනීමේ බදු 10% දක්වා වැඩි කිරීමෙන් බැංකු ස්ථාවරa තැන්පතු ඉවත් කර ගැනීමට ජනතාව පෙළඹිලා

Editor O

Leave a Comment