Trending Newsඑසැන පුවත්දේශීය

යුනෙස්කෝව ලෝක මතක ලේඛනයට එක්වූ ත්‍රෛභාෂා සෙල්ලිපිය සහ පානදුරාවාද ලේඛන

මෙරට ත්‍රෛභාෂා සෙල් ලිපිය සහ 1873 දී සිදුවූ පානදුරාවාදයට සම්බන්ධ ලේඛණ එකතුවක් ලෝ​ක ලේඛනයට මතක සටහනක් ලෙස එක් කර ඇති බව එක්සත් ජාතීන්ගේ අධ්‍යාපනික විද්‍යාත්මක සහ සංස්කෘතික සංවිධානය හෙව​ත් යුනෙස්කෝ සංවිධානය නිවේදනය කර තිබේ.

චීනය සහ ශ්‍රී ලංකාව එක්ව ඉදිරිපත් කරන ලද ත්‍රෛභාෂා සිලා ලිපිය චීන, පර්සියානු සහ දෙමළ සෙල් ලිපි සහිත ගල් පුවරුවක් වේ. 1911 දී බ්‍රිතාන්‍ය ඉංජිනේරුවෙකු විසින් සොයාගන්නා ලද මෙම ගල් පුවරුව මේ වන විට කොළඹ ජාතික කෞතුකාගාරයේ සංරක්ෂණය සඳහා තබා තිබේ.

එමෙන්ම එහි අනුරුවක් ගාල්ල ජාතික කෞතුකාගාරයේ ප්‍රදර්ශනය සඳහා තබා ඇත. පූජනීය කඳුකර සිද්ධස්ථානයකට සිදුකරන ලද පූජාවන් පිළිබඳව අදාළ සෙල් ලිපියේ සඳහන් වේ. විවිධ කලාප සහ සංස්කෘතීන් තුනක් නියෝජනය වෙන චීන දෙමළ සහ පර්සියානු භාෂාවලින් පෙළ ගැසී ඇති එකම ත්‍රෛභාෂා සෙල් ලිපිය මෙය බවද සඳහන් වේ.

යුනෙස්කෝ ලෝක ලේඛනයට ඇතුළත් වූ පානදුර රන් කොත් විහාරයේ තැන්පත් කර තිබූ 1873දී සිදුවූ පානදුරාවාදය සහ සම්බන්ධ ලේඛන 04ක් ඓතිහාසික සංස්කෘතික, ආධ්‍යාත්මික සහ බුද්ධිමය වශයෙන් ඉමහත් වටිනාකමක් දරන බව යුනෙස්කෝව සඳහන් කර තිබේ. නවතම ඇතුළත් කිරීම් සමග ලෝක මතක ලේඛනයට මේ වන විට නව ඇතුළත් කිරීම් 570ක් අන්තර්ගත වේ.

ජාත්‍යන්තර ලේඛනයට අනුව රටවල් 100කට අධික කලාප ලේඛන 4ක් සහ ජාතික ලෝක මතක කමිටු නිර්මාණය කිරීමට යුනෙස්කෝව සහයෝගය ලබා දී තිබේ.

Related posts

Heavy traffic near Technical Junction

Mohamed Dilsad

மஹிந்த தன்னை கொலை செய்ய திட்டம் – சஜின்வாஸ் [VIDEO]

Mohamed Dilsad

Korean community donates relief goods

Mohamed Dilsad

Leave a Comment