Trending Newsඑසැන පුවත්දේශීය

ජාතික ලැයිස්තු අපේක්ෂකයින් 74 දෙනෙකුට නඩු

වියදම් වාර්තා බාර නොදුන් පසුගිය මහ මැතිවරණයේ දේශපාලන පක්ෂ වල ජාතික ලැයිස්තු වල සිටි අපේක්ෂකයන් 74 දෙනෙකුට නඩු පැවරීමට තීරණය කර ඇතැයි මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

මේ සම්බන්ධයෙන් අතිරේක මැතිවරණ කොමසාරිස් (නීති) නීතිඥ චින්තක කුලරත්න මහතා පැවසුවේ එම අපේක්ෂක ලැයිස්තු පොලිසියට බාර දීමට මේ දිනවල කටයුතු කරගෙන යන බවයි. මෙයට අමතරව වියදම් වාර්තා භාර නොදුන් දේශපාලන පක්ෂ එකසිය තිස් හතරකටද නඩු පැවරීමට මැතිවරණ කොමිෂන් සභාව කටයුතු කරගෙන යන බව කුලරත්න මහතා සඳහන් කළේය.

වියදම් වාර්තා භාර නොදුන් අපේක්ෂකයන් සංඛ්‍යාව අටසීයකට අධිකය. ඒ අයටද වෙන වෙනම නඩු පැවරීමට කටයුතු කෙරේ. අදාළ ප්‍රදේශවල පොලිස් ස්ථාන මගින් විමර්ශන පැවැත්වීමෙන් පසු නීතිමය ක්‍රියාමාර්ග සඳහා එම විමර්ශන ලිපිගොනු නීතිපතිවරයාට යොමු කෙරෙනු ඇතැයි චින්තක කුලරත්න මහතා වැඩිදුරටත් පැවසීය.

වියදම් වාර්තා භාරදීම පැහැර හරින අපේක්ෂකයන්ට සහ දේශපාලන පක්ෂවලට දඩ නියම කිරීම, සිර දඬුවම් නියම කිරීම හෝ ඉදිරි මැතිවරණ කටයුතු වැළැක්වීම වැනි නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට නීතියේ ප්‍රතිපාදන පවතින බව පැවසේ.

Related posts

Batting coach backs Sri Lanka to continue winning momentum

Mohamed Dilsad

පොලිස් නිලධාරියෙකුගේ නිවස කොල්ලකෑ කල්ලියේ තවත් අයෙක් අත්අඩංගුවට

Mohamed Dilsad

ඩෙංගු රෝගීන්ගේ වැඩිවීමක්

Mohamed Dilsad

Leave a Comment