Trending Newsඑසැන පුවත්දේශීය

කමිටු එපා. වැටුප් වැඩි කරන්න – ගුරු සංගමයේ සභාපති ස්ටාලින්

ගුරු විදුහල්පති වැටුප් වැඩි කිරිමට කමිටු පත් කිරිමට අවශ්‍යතාවයක් නැතැයි, ලංකා ගුරු සංගමයේ ලේකම් ජොසප් ස්ටාලින් මහතා පැවසිය. හෙතෙම එම අදහස් පළ කළේ (14) දින හැටන් ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකදීය.

ස්ටාලින් මහතා මෙසේ ද කීවේය. රාජ්‍ය, පෞද්ගලික අංශ ඇතුළු සියළු දෙනා ජනවාරි මස සිට වැටුප් වැඩි විමක් බලාපොරොත්තු වුණා, ආණ්ඩුව ඇය-වැයෙන් වැටුප් කිරිමක් කරනවා කියනවා, ගුරු විදුහල්පති වැටුප් විෂමතාවයේ ඉතිරි 2/3 අපි බලාපොරොත්තු වෙනවා, ගුරු විදුහල්පතිවරුන් වැටුප් සම්බන්ධයෙන් විශාල අරගලයක් සිදු කළා,

එම අරගලය නිසා අධ්‍යාපන අමාත්‍යංශයේ සුබෝදනී මහත්මිය ප්‍රමුඛ කමිටුවක් පත් කළා, වැටුප් වැඩි විම සම්බන්ධයෙන් ලබාදුන්න යෝජනාවෙන් 1/3 වැටුප් වැඩිවිමක් තමයි ලැබුණේ, එකෙන් වැඩි නොවු ඉතිරි 2/3 වැටුප් වැඩි විම ලබාදෙන්න කියලා තමයි අපි ඉල්ලන්නේ,  ඒ සදහා ජනාධිපති ලේකම් කාර්යාල ඉදිරිපිට 2024 වසරේදි අපි විශාල අරගලයක් කළා.

වත්මන් රජයේ ඇමතිවරයෙක් කියනවා ගුරු විදුහල්පතිවරුන්ගේ වැටුප් වැඩි කිරිම සම්බන්ධයෙන් කමිටුවක් පත් කරන්න ඕනි කියලා, කමිටු පත් කරන්න අවශ්‍ය නැ කමිටු හදලා යෝජනාවක් ඉදිරිපත් කරලා 1/3 වැටුප් වැඩිවිමක් ලබා දිලා තියෙන්නේ, ඉතිරි 2/3 විතරයි ලබාදෙන්න තියෙන්නේ යැයි ද කීවේය.

Related posts

පාර්ලිමේන්තු සභාවාරය ඇරඹේ

Mohamed Dilsad

මතුරට නිවසකදී පුද්ගලයෙකු ඝාතනය කෙරේ

Mohamed Dilsad

Sectoral Oversight Committee recommends Govt. to takeover Batticaloa Campus

Mohamed Dilsad

Leave a Comment