දේශීය

මතුරට නිවසකදී පුද්ගලයෙකු ඝාතනය කෙරේ

මතුරට පොලිස් වසමේ ගලබඩ ප්‍රදේශයේදී පදිංචි පුද්ගලයෙකු නිවස තුළදී ඝාතනය කර තිබේ.

 

එසේ ඝාතනයට ලක්ව ඇත්තේ 73 හැවිරිදි ගලබඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

 

මරණකරුගේ බිරිඳ සිල් සමාදන් වීමට අසල පිහිටි විහාරස්ථානයක් වෙත ගොස් තිබුණි.

 

මරණකරු පමණක් නිවසේ තනිවම සිට ඇති අතර එම නිවසේ දොර ජනෙල් විවෘතව තැබීම සම්බන්ධයෙන් අසල්වාසියෙකුට ඇති වූ සැකයක් මත මරණකරුගේ බිරිඳට ඒ බව දන්වා ඇත.

 

පසුව දෙදෙනාම ගොස් පරික්ෂා කිරීමේදී මරණකරු නිවස තුළ මියගොස් සිට ඇති අතර ඔහුගේ මුහුණ හා අත්පා ගැට ගසා තිබූ බව පොලීසිය පවසයි.

 

නිවසේ ඇති දේපළ සියල්ලද ඇද දමා තිබී ඇති අතර දේපළ කොල්ලකෑමේ අරමුණින් මෙම ඝාතනය සිදුකර ඇති බවට පොලීසිය සැකපළ කරයි.

 

සිද්ධිය සම්බන්ධයෙන් මතුරට පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Related posts

දින 4 ක අධිවේගී මාර්ග ආදායම මිලියන 140

Mohamed Dilsad

ඔබේ ප්‍රදේශයට විදුලිය විසන්දි වෙන වෙලාව මෙතනින්

Mohamed Dilsad

සෙරමික් නිෂ්පාදන ආනයනයට ඉඩ

Mohamed Dilsad

Leave a Comment