Trending Newsඑසැන පුවත්දේශීය

ශ්‍රී දළදා මාලිගාවේ අලුත් සහල් මංගල්‍යය

මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ වාර්ෂිකව පවත්වනු ලබන සතර මහා මංගල්‍යයන්ගෙන් පළමුවැන්න වන, අලුත් සහල් මංගල්‍යය චාරිතානුකූලව දුරුතු පුන් පොහෝ දිනය යෙදුනු අද (13) දිනයේ සිදු කෙරිණ.

මෙම පූජාව වෙනුවෙන් දළදා මාලිගාවට අයත් කෙත් වතුවලින් නෙළා ගත් සාරවත් වී අස්වැන්නේ සහලේ අග්‍ර කොටස කුණ්ඩසාලේ, පල්ලෙකැලේ පිහිටි වී අටුවේ සිට, අලිඇතුන් පිරිවරාගත් පෙරහැරකින්, ශ්‍රී දළදා මාලිගාව වෙත පසුගිය 06 වෙනිදා රැගෙන එනු ලැබිණ.

අලුත් සහල් මංගල්‍යයයේදි නැවුම් වී අස්වැන්නෙන් සැකසූ කිරිබත්, දන්ත ධාතූන් වහන්සේ උදෙසා පූජා කර ගොවිතැන් කටයුතු සශ්‍රීක වී රටට සෞභාග්‍ය උදාවේවායි ප්‍රාර්ථනය කිරීම අරමුණ ඇතිව මෙම මංගල්‍යය සම්ප්‍රදානුකූලව පවත්වයි.

මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම උත්සවය පැවැත් වූ අතර ශ්‍රී දළදා මාලිගාවේ තේවාව බාර මහා සංඝරත්නය හා රාජකාරි බාර පිරිස් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

ඡායාරූප හිමිකම ශ්‍රී දළදා මාලිගාව – මාධ්‍ය අංශය

Related posts

රනිල්ගේ රිට් පෙත්සම සලකා බැලීමට දින නියම වෙයි

Mohamed Dilsad

Sri Lanka must urgently implement reforms to end arbitrary detention – UN experts

Mohamed Dilsad

சுகாதார பராமரிப்பு தொழில்நுட்பங்கள் மற்றும் முடிவெடுத்தல்

Mohamed Dilsad

Leave a Comment