Trending Newsඑසැන පුවත්දේශීය

හිටපු ජනාධිපති රනිල්ගෙන්, විපක්ෂ නායක සජිත් ට ඇරයුම්

පක්ෂ නායකත්වය පිළිබඳ නොසිතා මේ මොහොතේ සමඟි ජන බලවේගය එක්සත් ජාතික පක්ෂය සමඟ එක්වීම වැදගත් බවත්, ඉදිරි මැතිවරණවලට ඉදිරිපත්විය යුත්තේ මෙම කණ්ඩායම් දෙකම එකට බවත්, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

කඩුවෙල ආසනයේ සමඟි ජන බලවේගයේ පලාත් පාලන නියෝජිතයන් පිරිසක් මල් පාරේ පිහිටි එජාප මැතිවරණ මෙහෙයුම් කාර්යාලයේ දී රනිල් වික්‍රමසිංහ මහතා හමු වූ අවස්ථාවකදී මේ බව පවසා තිබේ. කෙසේවෙතත් සමඟි ජන බලවේගයේ වැඩිදෙනෙක් යළි එක්සත් ජාතික පක්ෂය හා එක්වීමට කැමැත්තෙන් සිටින බවත් ඊට ප්‍රධානම හේතුව සජිත් ප්‍රේමදාස මහතාට තවදුරටත් පක්ෂය මෙහෙයවා ගැනීමට නොහැකි වීම යැයි වාර්තාවේ.

මේ අතර ඊයේ (12) පස්වරුවේ කොළඹදී මාධ්‍ය වෙත හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියද පැවසුවේ සජිත් ප්‍රේමදාස මහතා තමන්ගේ අඩුපාඩු නිවැරදි කර නොගන්නේ නම් බහුතරයක් දෙනා එක්සත් ජාතික පක්ෂය හා නැවත එක්වනු ඇති බවයි. එමෙන්ම එක්සත් ජාතික පක්ෂයද මේ වන විට දැඩි උත්සාහයක නිරත වෙමින් සිටින්නේ සමඟි ජන බලවේගය හෝ ඉන් සාතිශය බහුතරයක් යළි සිරිකොතට එක්කර ගැනීම වෙනුවෙන් බවද වාර්තා වෙයි.

ඒ බව එජාප නව මහ ලේකම් තලතා අතුකෝරළ මහත්මියද තහවුරු කරමින් පැවසුවේ මෙම කණ්ඩායම් දෙක එක්කිරීමට තමන් කෙසේ හෝ කටයුතු කරන බවයි. කෙසේවෙතත් පවතින දේශපාලන වාතාවරණය අනුව නම් එජාප – සමඟි එක්වීමකින් මිස ඔවුන් සියලු දෙනාගේම දේශපාලන අනාගතය අවිනිශ්චිත තැනකට තල්ලු වී තිබේ.

එහෙයින් මෙරට පක්ෂය ලෙස එක්සත් ජාතික පක්ෂය යළි ප්‍රතිසංවිධානය වීමේ අවශ්‍යතාව ඔවුන්ට පවතින අතර සමඟිය තුළ මතුව තිබෙන සජිත් ප්‍රේමදාස මහතා සම්බන්ධයෙන් වන විශ්වසනීයත්වයේ පළුදු වීම එජාපයට යළි ඔළුව උස්සාගැනීමට අවස්ථාව උදාකර ඇති බවද බොහෝදෙනාගේ අදහසයි.

Related posts

මහ මැතිවරණයේ මනාප අංක ගැසට් නිවේදනය නිකුත් කිරීම යළිත් කල් යයි

Mohamed Dilsad

Colombo 1st in South Asia in 2017 quality of living survey

Mohamed Dilsad

ජගත් මානව හිමිකම් කොමසාරිස්වරිය ශ්‍රී ලංකාව පිළිබඳව කරුණු දැක්වීම අද

Mohamed Dilsad

Leave a Comment