Trending Newsඑසැන පුවත්දේශීය

මාලිමා මන්ත්‍රීවරු තුන්වේලම කන්නේ පාර්ලිමේන්තුවෙන් – දිලිත් ජයවීර

ජාතික ජන බලවේගයෙන් පාර්ලිමේන්තුවට පැමිණ සිටින 159 දෙනාම හෝ පාර්ලිමේන්තුවට එදිනෙදා පැමිණෙන සියලුම දෙනා උදේ දවල් රෑ තුන් වේලම පාර්ලිමේන්තු ආපන ශාලාවෙන් ආහාර ලබා ගන්නා බව සර්වජන බලය පක්ෂයේ නායක දිලිත් ජයවිර මහතා සඳහන් කළේය.

ඇතැමුන් ගෙදරද ඔතාගෙන යන බවට පැවසුනද තමන්ට ඒ ගැන නිශ්චිත තොරතුරු නැති බවත් ඔහු පවසයි. මෙම තත්ත්වය හේතුවෙන් පාර්ලිමේන්තුවේ මුළුතැන් ගෙයි සේවක පිරිස්වලට දැඩි පීඩනයක් එල්ල වෙමින් ඇතැයිද ඔහු කියා සිටියේය.

තමන් මෙතෙක් පාර්ලිමේන්තුවෙන් ආහාර ලබාගෙන නැති බවත් ඉදිරියට ගැනීමේද බලාපොරොත්තුවක් නැති නමුත් පාර්ලිමේන්තුවෙන් ආහාර ගන්නවාට තමන්ගේ විරුද්ධත්වයක් නැති බවත් ඔහු පවසයි.

කෙසේ වෙතත් මෙහි ගැටලුව ඇත්තේ ජාතික ජන බලවේගය පාර්ලිමේන්තුවෙන් ආහාර ලබා ගැනීමට මුලින් දැඩි විරෝධී මතයක් දරමින් සිට මේ ආකාරයට කටයුතු කිරීම බවත් මාධ්‍ය හමුවක් අමතමින් ඒ මහතා පැවසුවේය.

Related posts

කෙසෙල්වත්තේ දෙනුවන්ගේ ගෝලයෙක් කුඩු සමග අත්අඩංගුවට

Editor O

ஆப்கானிஸ்தான் அணியுடன் மோதிய இலங்கைக்கு திரில் வெற்றி

Mohamed Dilsad

මෙරටින් වාර්තාවූ කොරෝනා ආසාධිතයන් සංඛ්‍යාව ඉහළට

Mohamed Dilsad

Leave a Comment