Trending Newsඑසැන පුවත්දේශීයවිදෙස්ව්‍යාපාරික

රුසියාවේ ඛණිජ තෙල් කර්මාන්යට, එක්සත් ජනපදය සහ එක්සත් රාජධානිය සම්බාධක දැඩි කරයි

යුක්‍රේනයේ යුද්ධයට ඉන්ධන සපයන, මොස්කව්හි බලශක්ති ආදායමට බලපෑම් කිරීම සඳහා ජෝ බයිඩන් පරිපාලනය විසින් රුසියාවට දැඩි සම්බාධක පනවා තිබේ.

මෙම පියවර මගින් වෙළඳුන් සහ නිලධාරීන්ගේ සිට රක්ෂණ සමාගම් දක්වා ආයතන සහ පුද්ගලයින් 200 කට වැඩි ප්‍රමාණයක් මෙන්ම තෙල් සමාගම් විශාල ප්‍රමාණයක් ඉළක්ක කර ඇති බව සඳහන්. මොස්කව් යුක්‍රේන ආක්‍රමණය කිරීමෙන් පසු පළමු වරට, එක්සත් රාජධානිය ද අමෙරිකාව සමග එක්ව රුසියානු බලශක්ති සමාගම් වන ගෑස්ප්‍රොම් නෙෆ්ට් සහ සර්ගුට්නෙෆ්ටෙගාස් වෙත සෘජුවම සම්බාධක පැනවීමට කටයුතු කර තිබෙනවා.

මේ පිළිබඳ අදහස් දක්වමින්, රුසියානු තෙල් සමාගම්වලට පහර දීම මගින් රුසියාවේ යුද හැකියාව සිඳී යනු ඇති බවත්, සහ රුසියාව ආර්ථිකව අඩපණ කිරීම යුක්‍රේන ජීවිත බේරා ගැනීමට උපකාරීවන බවත් බ්‍රිතාන්‍ය විදේශ ලේකම් ඩේවිඩ් ලැමි වීදේශ මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබේ.

Related posts

President directs quick relief to victims of current weather condition

Mohamed Dilsad

US pleased SL agreed to co-sponsor UNHRC resolution

Mohamed Dilsad

83 දෙනෙකු රැගත් ඇෆ්ගනිස්ථාන ගුවන් යානයක් කඩා වැටෙයි

Mohamed Dilsad

Leave a Comment