දේශීයප්‍රමුඛ පුවත 1

මෙරටින් වාර්තාවූ කොරෝනා ආසාධිතයන් සංඛ්‍යාව ඉහළට

(UTV | කෝවිඩ්-19) – ශ්‍රී ලංකාවෙන් වාර්තාවූ කොරෝනා ආසාධිතයන් සංඛ්‍යාව 1835 දක්වා ඉහළ ගොස් තිබේ.

ඒ තවත් ආසාධිතයන් 21 දෙනෙකු හඳුනාගැනීමත් සමගයි. ඔවුන් සියලු දෙනා විදේශයන්හි සිට පැමිණි අය වේ.

ඉන් 16 දෙනෙකු කුවේට් සිටද , 02 දෙනෙකු එංගලන්තයේ සිටද, 02 දෙනෙකු කටාර් සිටද එක් අයෙකු බංග්ලාදේශයේ සිටද පැමිණ ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

මේ අනුව මෙරටින් හමුවූ ආසාධිතයන් අතුරින් 883 දෙනෙකු මෙරට රෝහල් 11 ක තවමත් ප්‍රතිකාර ලබමින් පසු වේ.

Related posts

ගුරු විදුහල්පතිවරු අද ලෙඩ වෙති

Mohamed Dilsad

දිවයින පුරා වැසි තත්ත්වය තවදුරටත්

Mohamed Dilsad

මහ මුහුදේදී හෙරොයින් සමග ඇල්ලූ යාත්‍රාව කොළඹ වරායට

Mohamed Dilsad

Leave a Comment