දේශීය

හෙට සිට බස් ගමනාගමනය සාමාන්‍ය පරිදි

(UTV | කොළඹ ) – හෙට(08) සිට සියලු දිස්ත්‍රික්කවල සාමාන්‍ය මගී ප්‍රවාහන සේවා සාමාන්‍ය පරිදි ආරම්භ කිරීමට අනුමැතිය දුන් බව මගී ප්‍රවාහන කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර පවසයි.

පොදු ප්‍රවාහන සේවා හෙට සිට සාමාන්‍ය පරිදි පවත්වාගෙන යාමට මගී ප්‍රවාහන කළමනාකරණ අමාත්‍යංශය සැලසුම් කළ පරිදි ලංගම සතු සියලු බස් රථ හෙට සිට ධාවනයේ යෙදවීමට පියවර ගෙන තිබේ.

හෙට සිට, සියලුම කාර්යාල දුම්රිය සහ රාත්‍රී තැපැල් දුම්රිය ධාවනය කිරීමට නියමිත බව මේ අතර දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අතර හෙට සිට බස් රථ ධාවනයට යෙදවීමේදී තමන් ගැටලු කිහිපයකට මුහුණ පා ඇති බව පෞද්ගලික බස් හිමියන්ගේ සංගම් පවසයි.

කෙසේ වෙතත් සියලු දිස්ත්‍රික්කවල සාමාන්‍ය මගී ප්‍රවාහන සේවා හෙට සිට සාමාන්‍ය පරිදි ආරම්භ කිරීමට අනුමැතිය දුන් බව මගී ප්‍රවාහන කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර අද පස්වරුවේ ප්‍රකාශ කළේය.

මේ අතර හෙට සිට බස්නාහිර පළාත තුළ මංතීරූ නීතිය යළි ක්‍රියාත්මක කරන බව බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් පවසයි.

ඒ අතර කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය සහ දිස්ත්‍රික්කය තුළ පිහිටි ප්‍රාදේශීය ලේකම් කාර්යාල හෙට සිට සෞඛ්‍යාරක්ෂිතව සේවා කටයුතු ආරම්භ කරන බව කොළඹ දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් යසරත්න පවසයි.

Related posts

දකුණු පළාත් රෝහල්වල කණිෂ්ඨ කාර්යය මණ්ඩලය වැඩ වර්ජනයක

Mohamed Dilsad

දකුණේ වැඩිහිටි නිවාස සදහා වියළි ආහාර සති දෙකකට ගබඩා කරගන්නැයි උපදෙස්

Mohamed Dilsad

අද හවසට තද වැසි

Mohamed Dilsad

Leave a Comment