ප්‍රමුඛ පුවත 1

ගුරු විදුහල්පතිවරු අද ලෙඩ වෙති

(UTV| කොළඹ) – ගුරු සහ විදුහල්පතිවරුන් අද(13) දින අසනීප නිවාඩු වාර්තා කරමින් වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයක නිරත වෙති.

ලංකා ගුරු සේවා සංගමයේ ලේකම් මහින්ද ජයසිංහ මහතා පැවසුවේ වැටුප් විෂමතා ඇතුළු ගුරු විදුහල්පතිවරුන් මුහුණ දෙන ගැටලු කිහිපයක් මුල් කර ගනිමින් මෙම විරෝධතාවය ආරම්භ කල බවයි.

මේ අතර ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් අද දිනයේ දී විරෝධතා උද්ඝෝෂණයක් පැවැත් වීමට ඒකාබද්ධ ගුරු සේවා සංගමය තීරණය කර ඇත.

උද්ඝෝෂණ රැළිය අද පෙ.ව 10 ට කොළඹ කොටුව දුම්රිය පොළ ඉදිරිපිට පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

ගුරු විදුහල්පති වැටුප් වැඩි කිරීම, කොළ පිරවිල්ල නැවත්වීම හා අධ්‍යාපනයට සියයට 6ක් වෙන් කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය ගෙන යන බව එම සංගමය පවසයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

ව්‍යාජ මුදල් නෝට්ටු සමඟ අයෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

රජයේ වෛද්‍ය නිලධාරීන්ගෙන් ජනපතිට ප්‍රසාදය…

Mohamed Dilsad

එම්.කේ ශිවාජිලිංගම්ට ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයෙන් කැඳවීමක් [VIDEO]

Mohamed Dilsad

Leave a Comment