Trending Newsඑසැන පුවත්දේශීයව්‍යාපාරික

උද්ධමනයට වෙන දේ ගැන මහ බැංකු අධිපතිගෙන් ප්‍රකාශයක්

මෙම වසරේ මැද භාගය වනවිට උද්ධමනය නැවතත් ධානාත්මක කලාපයකට පැමිණෙනු ඇතැයි මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා සඳහන් කරයි. 2025 නව වසර සඳහා වන ප්‍රතිපත්ති මාලාව එළිදැක්වීමේ අවස්ථාවට ප්‍රධානා ආරාධිතයා ලෙස අද (08) සහභාගී වෙමින් මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ඒ බව සඳහන් කළේය.

මහ බැංකු අධිපතිවරයා මෙසේ ද කීවේය. මුදල් අමාත්‍යංශය සමග එකඟ වූ ආකාරයට 5%ක ප්‍රතිශතයක උද්ධමනය ස්ථාවර වේවි. 2025 වසර මුල භාගයේ දී නිවැරැදි කිරීමක් ලෙස අවධමනයක් ද වාර්තා වියහැකියි. පුද්ගලික අංශයේ ණය ප්‍රකෘතිමත් වීම තවදුරටත් අඛණ්ඩව සිදුවේවි. රජයේ වාර්තමාන ප්‍රතිපත්ති ඊට සහායක් වේවි. ව්‍යාපාරික හිතවාදී වාතාවරණය ඊට බලපාන සාධකයක් දේශීය මිල ගණන්වලට බලපාන බාහිර අවදානම් අවමවීමක් ද බලාපොරොත්තු විය හැකි බවද කීවේය.

Related posts

බස්නාහිර පළාතට වහාම ක්‍රියාත්මක වන පරිදි ඇඳිරි නීතිය පැනවේ

Mohamed Dilsad

US media claims North Korea providing materials to Syria chemical weapons factories

Mohamed Dilsad

ரோயல் பார்க் கொலைக் குற்றவாளி தொடர்பில் ஜனாதிபதி ஊடகப் பிரிவு அறிக்கை

Mohamed Dilsad

Leave a Comment