Trending Newsඑසැන පුවත්දේශීය

කටුනායකට පැමිණි ගුවන් යානා 04ක් ආපසු හරවා යවයි.

කටුනායක ගුවන් තොටුපොළ අවට ප්‍රදේශයේ අද (07) අලුයම පැවති ඝන මීදුම් තත්ත්වය හේතුවෙන් එහි ගොඩ බැස්සවීමට පැමිණි ගුවන් යානා 04 ක් මත්තල සහ ඉන්දියාවේ ත්‍රිවේන්ද්‍රම් ගුවන් තොටුපොළ වෙත යොමු කිරීමට පියවර ගෙන තිබේ.

කටුනායක ගුවන් තොටුපොළ කාර්යය භාර නිලධාරීවරයා පවසුවේ, අදාළ ගුවන් යානාවල නියමුවන්ට, ගුවන් තොටුපොළ ධාවන පථය නිසියාකාරව නොපෙනීම නිසා එලෙස ගුවන් යානා අදාළ ගුවන් තොටුපොළ වෙත යොමු කළ බවයි.

ඒ අනුව, අද (07) දින අලුයම 05.00ට කටුනායක ගුවන් තොටුපොළ වෙත ගොඩ බැස්සවීමට ඩුබායි සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 226, චීනයේ ග්වැන්ෂෝ සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 881 සහ අද දින අලුයම 05.05 ට ඉන්දියාවේ බැංගලෝර් සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 174 දරන ගුවන් යානා 03 මත්තල ගුවන් තොටුපොළ වෙත යොමු කිරීමට පියවර ගෙන තිබුණි.

ඊට අමතරව තුර්කියේ ඉස්තාන්බුල් නුවර සිට අද දින අලුයම 06.00 ට කටුනායක ගුවන් තොටුපොළ වෙත ගොඩ බැස්සවීමට පැමිණි තුර්කි ගුවන් සේවයේ ටී.කේ.- 730 දරන ගුවන් යානය ඉන්දියාවේ ත්‍රිවේන්ද්‍රම් ගුවන් තොටුපොළ වෙත හරවා යවා තිබුණි.

Related posts

UAE says Gulf Arab bloc still strong despite Qatar row

Mohamed Dilsad

රත්නපුරයෙන් කොවිඩ් මරණ දෙකක් – මුළු මරණ ගණන තවත් ඉහළට [RELEASE]

Mohamed Dilsad

பயங்கரவாத தடுப்புச்சட்டத்தின் கீழ் சிறைப்படுத்தப்பட்டுள்ள இளைஞர்களை விடுதலை செய்யுமாறு அமைச்சர் ரிஷாட் வலியுறுத்து!

Mohamed Dilsad

Leave a Comment