Trending Newsඑසැන පුවත්දේශීය

කටුනායකට පැමිණි ගුවන් යානා 04ක් ආපසු හරවා යවයි.

කටුනායක ගුවන් තොටුපොළ අවට ප්‍රදේශයේ අද (07) අලුයම පැවති ඝන මීදුම් තත්ත්වය හේතුවෙන් එහි ගොඩ බැස්සවීමට පැමිණි ගුවන් යානා 04 ක් මත්තල සහ ඉන්දියාවේ ත්‍රිවේන්ද්‍රම් ගුවන් තොටුපොළ වෙත යොමු කිරීමට පියවර ගෙන තිබේ.

කටුනායක ගුවන් තොටුපොළ කාර්යය භාර නිලධාරීවරයා පවසුවේ, අදාළ ගුවන් යානාවල නියමුවන්ට, ගුවන් තොටුපොළ ධාවන පථය නිසියාකාරව නොපෙනීම නිසා එලෙස ගුවන් යානා අදාළ ගුවන් තොටුපොළ වෙත යොමු කළ බවයි.

ඒ අනුව, අද (07) දින අලුයම 05.00ට කටුනායක ගුවන් තොටුපොළ වෙත ගොඩ බැස්සවීමට ඩුබායි සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 226, චීනයේ ග්වැන්ෂෝ සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 881 සහ අද දින අලුයම 05.05 ට ඉන්දියාවේ බැංගලෝර් සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 174 දරන ගුවන් යානා 03 මත්තල ගුවන් තොටුපොළ වෙත යොමු කිරීමට පියවර ගෙන තිබුණි.

ඊට අමතරව තුර්කියේ ඉස්තාන්බුල් නුවර සිට අද දින අලුයම 06.00 ට කටුනායක ගුවන් තොටුපොළ වෙත ගොඩ බැස්සවීමට පැමිණි තුර්කි ගුවන් සේවයේ ටී.කේ.- 730 දරන ගුවන් යානය ඉන්දියාවේ ත්‍රිවේන්ද්‍රම් ගුවන් තොටුපොළ වෙත හරවා යවා තිබුණි.

Related posts

පිහි ඇනුමකින් පුද්ගලයෙක් මරුට

Mohamed Dilsad

Switzerland reaffirms commitment to Sri Lanka’s Office of Missing Persons, Human Rights Commission

Mohamed Dilsad

Colombo Defence Seminar begins today

Mohamed Dilsad

Leave a Comment