Trending Newsඑසැන පුවත්දේශීය

අධිවේගී මාර්ගයේ අනතුරකින් විදේශිකයෙක් ඇතුළු පස් දෙනෙකුට තුවාල

දක්ෂිණ අධිවේගී මාර්ගයේ 168 කිලෝමීටර කණුව ආසන්නයේදී විදෙස් ජාතිකයින් රැගත් සුඛෝපභෝගී වෑන් රථයක් කුඩා ලොරි රථයක ගැටී අද (15) පස්වරු 4ට පමණ සිදුවූ අනතුරකින් විදෙස් ජාතික කාන්තාවන් දෙදෙනෙකු ඇතුළු පස්දෙනෙකු තුවාල ලබා ඇතැයි පොලීසිය කියයි.

විදෙස් ජාතිකයින් රැගත්  සුඛෝපභෝගී වෑන් රථය මත්තල දෙස සිට බෙලිඅත්ත දෙසට ධාවනය කරමින් තිබූ කුඩා ප්‍රමාණයේ ලොරියේ පිටුපස ගැටී මෙම අනතුර සිදුව ඇත.

අනතුරින් ලොරි රථයේ කොටසක් ගැලවී අධිවේගී මාර්ගයෙන් පිටතට විසිවී ගොස් ඇති බව අප වාර්තාකරු පැවසීය.

පොලිස් විශේෂ කාර්ය බළකායට අයත් ගිලන් රථයකින් තුවාලකරුවන් තංගල්ල මූලික රෝහලට ඇතුළත් කර ඇත.

Related posts

Curfew in Kandy lifted, STF deployed – Police

Mohamed Dilsad

කාති උසාවි ගෙන ජනාධිපති මධ්‍ය අංශයෙන් දැනුම් දීමක්

Mohamed Dilsad

இலங்கையில் இருந்து சவூதி அரேபியா சென்ற பணிப்பெண்கள் தொடர்பில் வௌியான காணொளி தொடர்பில் விளக்கம்

Mohamed Dilsad

Leave a Comment