Trending Newsඑසැන පුවත්දේශීය

අධිවේගී මාර්ගයේ අනතුරකින් විදේශිකයෙක් ඇතුළු පස් දෙනෙකුට තුවාල

දක්ෂිණ අධිවේගී මාර්ගයේ 168 කිලෝමීටර කණුව ආසන්නයේදී විදෙස් ජාතිකයින් රැගත් සුඛෝපභෝගී වෑන් රථයක් කුඩා ලොරි රථයක ගැටී අද (15) පස්වරු 4ට පමණ සිදුවූ අනතුරකින් විදෙස් ජාතික කාන්තාවන් දෙදෙනෙකු ඇතුළු පස්දෙනෙකු තුවාල ලබා ඇතැයි පොලීසිය කියයි.

විදෙස් ජාතිකයින් රැගත්  සුඛෝපභෝගී වෑන් රථය මත්තල දෙස සිට බෙලිඅත්ත දෙසට ධාවනය කරමින් තිබූ කුඩා ප්‍රමාණයේ ලොරියේ පිටුපස ගැටී මෙම අනතුර සිදුව ඇත.

අනතුරින් ලොරි රථයේ කොටසක් ගැලවී අධිවේගී මාර්ගයෙන් පිටතට විසිවී ගොස් ඇති බව අප වාර්තාකරු පැවසීය.

පොලිස් විශේෂ කාර්ය බළකායට අයත් ගිලන් රථයකින් තුවාලකරුවන් තංගල්ල මූලික රෝහලට ඇතුළත් කර ඇත.

Related posts

හිමිනමකගෙන් ලක්ෂ 25 ක කප්පම් ඉල්ලූ දෙදෙනෙක් කොටු

Mohamed Dilsad

குளவி கொட்டுக்கு இலக்காகி 15 பெண்கள் வைத்தியசாலையில்

Mohamed Dilsad

Congo Ebola vaccine teams set up fridges, 43 cases suspected

Mohamed Dilsad

Leave a Comment