Trending Newsඑසැන පුවත්දේශීය

මත්පැන් බලපත්‍ර ගාස්තු දෙගුණයකින් ඉහළ දමයි.

සියලුම මත්පැන් බලපත්‍ර ගාස්තු අද (12 වැනිදා) සිට වහාම ක්‍රියාත්මක වන පරිදි සියයට සියයකින් පමණ ඉහළ දමා ඇත.

මත්පැන් බලපත්‍ර ගාස්තු ඉහළ දැමීමට අදාළ අතිවිශේෂ ගැසට් පත්‍රය ඊයේ (11 වැනිදා) නිකුත් කර තිබේ.

ඒ අනුව වාර්ෂික සුරාබදු ගාස්තුව, ආරක්ෂිත ඇප තැන්පතු මුදල, කර්මාන්ත ප්‍රවේශය සඳහා එක්වරක් අයකරනු ලබන ගාස්තුව ඉහළ දමා ඇත.

2017, 2018, 2024 යන වර්ෂවල නිකුත් කළ අතිවිශේෂ ගැසට් මගින් නිවේදනය කළ නීති අවලංගු වී නව ගාස්තු ක්‍රියාත්මක වේ.

මත්පැන් බලපත්‍ර සංශෝධනයේදී ආරක්ෂිත ඇප තැන්පතු ගාස්තුවල යම් වෙනසක් තිබෙන්නේ නම් එය ගෙවිය යුතු බවද ගැසට් මගින් දැනුම් දී ඇත.

මුදල් හා ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් 2025.12.05 දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යෝජනාවට අනුව මත්පැන් බලපත්‍ර ගාස්තු වැඩිකර තිබේ.

ඒ අනුව ස්කාගාර බලපත්‍ර, රා බෝතල් කිරීමේ බලපත්‍රය, විනාකිරි නිෂ්පාදන බලපත්‍ර, වයින් නිෂ්පාදනය, බෝතල් ගත කිරීම, විකිණීම සඳහා දෙන බලපත්‍රය මත්පැන් සඳහා තොග බලපත්‍රය ඇතුළු සියලුම වර්ගයේ සුරාබදු සියයට සියයක සිට විවිධ ප්‍රතිශතවලින් වැඩිවී ඇතැයි සුරාබදු බලපත්‍රලාභීන්ගේ සංගමය කියා සිටී.

මූලාශ්‍රය – අරුණ

Related posts

இலங்கை அணி குறித்து கவலை கொள்ளும் முன்னாள் தலைவர்

Mohamed Dilsad

குடியிருப்பு பகுதியில் ஹெலிகாப்டர் விழுந்து நொறுங்கி மூவர் உயிரிழப்பு

Mohamed Dilsad

මානව හිමිකම් කවුන්සිලයේදී ශ්‍රී ලංකාවට පකිස්ථාන සහය

Mohamed Dilsad

Leave a Comment