Trending Newsඑසැන පුවත්දේශීය

අලුතින් පත්කිරීමට නියමිත යුද හමුදාපතිවරයා ගැන ඉඟියක්

නව යුද හමුදාපතිවරයා ලෙස මේජර් ජෙනරාල් ලසන්ත රොද්‍රිගු මහතා පත්කිරීමට නියමිත බව වාර්තා වේ. ඒ අනුව, ඔහුගේ නම අද දිනයේ දී ප්‍රකාශයට පත් කිරීමට නියමිත බවයි, රජයේ ආරංචි මාර්ග සඳහන් කළේ.

වත්මන් යුද හමුදාපති මේජර් ජෙනරාල් විකුම් ලියනගේ මහතා මේ වන විට ඔහුගේ දෙවන සේවා දිගුවේ කටයුතු කරමින් සිටින අතර ඔහුට තවත් සේවා දිගුවක් ලබා නොදී විශ්‍රාම ගැන්වීමට තීරණය කිරීමත් සමග යුද හමුදාපති ධූරය සඳහා යුද හමුදාවේ මාණ්ඩලික ප්‍රධානී මේජර් ජනරාල් දිනේෂ් නානායක්කාර හා ගජබා රෙජිමේන්තුවේ මේජර් ජනරාල් චන්දන වික්‍රමසිංහ සටනක සිටියේය.

එහෙත් යුද හමුදාපතිවරයා ලෙස මේජර් ජනරාල් ලසන්ත රොද්‍රිගු මහතා පත් කිරීමට ජනාධිපතිවරයා තීන්දු කර ඇතැයි වාර්තා වේ. මේජර් ජෙනරාල් ලසන්ත රොද්‍රිගු මහතා ශ්‍රී ලංකා යුද හමුදාවේ නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානීවරයා ලෙස කටයුතු කළේය. ඒ අනුව, ඔහු ශ්‍රී ලංකා යුද හමුදාවේ 25 වන යුද හමුදාපතිවරයා ලෙස පත්වීම් ලැබීමට බොහෝ දුරට ඉඩ තිබේ.

Related posts

අම්බලන්ගොඩ වෙඩි තැබීමක්

Editor O

අවුරුදු 60 ට වැඩි පුද්ගලයන්ට එන්නත්කරණය අද සිට

Mohamed Dilsad

අන්තර්ජාලයෙන් මුදල් වංචා කළ පස්දෙනෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment