දේශීය

අවුරුදු 60 ට වැඩි පුද්ගලයන්ට එන්නත්කරණය අද සිට

(UTV | කොළඹ) – වයස අවුරුදු 60ට වැඩි පුද්ගලයන්ට ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා කොවිෂීල්ඩ් එන්නත අද (08) සිට ලබාදෙන බව ප්‍රාථමික සෞඛ්‍ය සේවා වසංගත රෝග හා කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය ඇමතිනි විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ ප්‍රකාශ කළාය.

කොවැක්ස් පහසුකම යටතේ යුනිසෙෆ් අරමුදල මගින් ශ්‍රී ලංකාවට නොමිළේ ප්‍රදානය කළ එන්නත් මාත්‍රා දෙලක්ෂ 64,000ක් ඊයේ අලුයම කටුනායක ගුවන් තොටුපළින් දිවයිනට ළඟා විය.

පසුගිය ජනවාරි 29 වනදා සිට මේ දක්වා ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා කොවිෂීල්ඩ් එන්නත් හත්ලක්ෂ 29,563 දෙනෙකුට ලබාදී ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේය.

මේ අතර, ඔස්ට්‍රියාව ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා කොවිෂීල්ඩ් එන්නත ලබාදීම තාවකාලිකව අත්හිටුවා තිබේ.

විදෙස් වාර්තා සදහන් කළේ එන්නත්කරණයට ලක් කළ එක් පුද්ගලයෙකු මිය යාම සහ තවත් අයෙකු රෝගාතුරවීම සැලකිල්ලට ගනිමින් ඔස්ට්‍රියානු සෞඛ්‍ය බලධාරීන් එම පියවර ගෙන ඇත.

 

 

 

Related posts

දඹදිව වන්දනාවේ නිරතව සිටි 396 දෙනෙක් යළි දිවයිනට

Mohamed Dilsad

කොවිඩ් ආසාදිත පොලිස් නිලධාරීන් ගණන තවත් ඉහළට

Mohamed Dilsad

හිටපු මන්ත්‍රීවරුන්ගේ රාජ්‍ය තාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍ර අහෝසියි – පාර්ලිමේන්තු මහ ලේකම්

Editor O

Leave a Comment