Trending Newsඑසැන පුවත්දේශීය

මන්මෝහන් සිං මහතාගේ අභාවය පිළිබඳ සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ නායක රිෂාඩ් බදියුදීන් ශෝකය පළ කරයි.

ඉන්දියාවේ ආර්ථික දියුණුව වෙනුවෙන් කටයුතු කළ හිටපු අගමැති අභාවප්‍රාප්ත මන්මෝහන් සිං මහතාගේ අභාවය පිළිබඳ සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතා සිය ශෝකය පළ කරමින් නිවේදනයක් නිකුත් කර තිබේ.

ඉන්දියාවේ 2004 පැවති පාර්ලිමේන්තු මැතිවරණයෙන් මන්මෝහන් සිං මහතා අගමැති ලෙස පත්ව 2014 වසර දක්වා අගමැති ධූරයේ කටයුතු කරමින් ඉන්දියාව තිරසාර සංවර්ධනයක් කරා මෙහයවූ බවත්, ඉන්දියානු ග්‍රාමීය ආර්ථිකය ශක්තිමත් කරමින් මිලියන සංඛ්‍යාත ජනතාවගේ ජීවිත වැඩිදියුණු කිරීමට එතුමාගේ පාලන කාලය තුළ කටයුතු කළ බවද රිෂාඩ් බදියුදීන් මහතා නිකුත් කළ නිවේදනයේ සඳහන්. මන්මෝහන් සිං මහතා, ශ්‍රී ලංකාවේ ආර්ථික, සමාජීය සහ සංස්කෘතික සංවර්ධනයට ඉමහත් දායකත්වයක් ලබාදී තිබේ. ශ්‍රී ලංකාවේ ජනතාවට නිවාස 50,000ක් ලබාදීමේ ව්‍යාපෘතියෙන් ජනතාවගේ නිවාස ගැටළුවට පිළියම් යෙදීමට ඉන්දීය හිටපු අගමැති මන්මෝහන් සිං මහතා ලබාදුන් දායකත්වය කෘතවේදීව සිහිපත් කරන බවද රිෂාඩ් බදියුදීන් මහතා සඳහන් කරයි.

ඉන්දියාවේ අගමැති මන්මෝහන් සිං මහතාගේ වියෝව පිළිබඳව සමස්ත ලංකා මහජන කොංග්‍රසය සිය බලවත් ශෝකය ප්‍රකාශ කරන බවද, සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතා වැඩිදුරටත් සඳහන් කරයි.

Related posts

Hayabusa 2 rovers send new images from Ryugu surface

Mohamed Dilsad

ප්‍රාථමික අංශ සඳහා පාසල් විවෘත කෙරෙයි

Mohamed Dilsad

Rajasthan tent collapse kills 14 at religious event – [IMAGES]

Mohamed Dilsad

Leave a Comment