Trending Newsඑසැන පුවත්දේශීය

මැතිවරණ දෙකක් 2025දී

පළාත් පාලන සහ පළාත් සභා මැතිවරණය ලබන වසරේදී පැවැත්වීමට ආණ්ඩුව සැලැසුම් කර ඇති බවට වාර්තාවෙයි. ඒ අනුව කල්දමා ඇති පළාත් පාලන ඡන්දයේ නාමයෝජනා අහෝසි කර යළිත් නාමයෝජනා කැඳවීමට නියමිතයි. එම මැතිවරණය අප්‍රේල් මුල් භාගයේ පැවැත්වීමට තීරණය කර ඇති බව සඳහන්.

එමෙන්ම පළාත් සභා මැතිවරණය සැප්තැම්බර් මස පැවැත්වීමට ආණ්ඩුව සැලැසුම් කර ඇති බවද වාර්තාවෙයි. අදාළ මැතිවරණය මේ වනවිටත් වසර හතකට වැඩි කාලයක් කල් දමා තිබීමත් විශේෂත්වයක්.

පළාත් සභා මැතිවරණයට පෙර අදාළ නීතිමය කටයුතු කඩිනමින් සම්පූර්ණ කරගැනීමට ආණ්ඩුව අවශ්‍ය පියවර ගනිමින් සිටින බවද සඳහන්.

Related posts

சர்வதேச நாணய நிதியத்தின் பிரதிநிதிகள், இன்று(18) இலங்கைக்கான கடன் நிதி தொடர்பில் முக்கிய பேச்சுவார்த்தை

Mohamed Dilsad

කුඩු සහ අවි තොගයක් සමඟ ‘රවිහංසි’ ඉන්දියාවේදී අත්අඩංගුවට [PHOTOS]

Mohamed Dilsad

குமார வெல்கமவுக்கு எதிரான வழக்கு ஒத்திவைப்பு…

Mohamed Dilsad

Leave a Comment