Trending Newsඑසැන පුවත්දේශීයව්‍යාපාරික

ජාත්‍යන්තර බැඳුම්කර ප්‍රතිව්‍යුහගත කිරීමේ සාර්ථකත්වය ගැන මුදල් අමාත්‍යංශයෙන් නිවේදනයක්

ශ්‍රී ලංකාව ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර ප්‍රතිව්‍යුහගත කිරීම සාර්ථකව අවසන් කළ බව මුදල් අමාත්‍යංශය සඳහන් කරයි. නිවේදනයක් නිකුත් කරමින් එම අමාත්‍යාංශය දැනුම් දෙන්නේ ස්වෛරී බැඳුම්කර හිමියන්ගෙන් 98%ක් බැඳුම්කර හුමවාරුව සඳහා කැමැත්ත පළ කර ඇති බවයි.

දැනට පවතින බැඳුම්කර සඳහා නව බැඳුම්කර හුවමාරු කිරීමේ මාර්ගයෙන් ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර ප්‍රතිව්‍යුහගතකරණය කිරීම ආරම්භ කෙරෙන බව මුදල් අමාත්‍යංශය මින් පෙර නිවේදන කළේය.

2024 සැප්තැම්බර් 19 වැනි දින ජාත්‍යන්තර ආයෝජකයින් සහ අනෙකුත් දේශීය නියෝජිත කණ්ඩායම් දෙකක් සමඟ ඇති කරගත් ප්‍රතිපත්තිමය එකඟතාවයට අනුව, 2024 නොවැම්බර් 25 දින, ශ්‍රී ලංකාව සිය තිබූ බැඳුම්කර හිමි පාර්ශව වෙත තම බැඳුම්කර නව බැඳුම්කර සමග හුවමාරු කර ගැනීම සඳහා නිල ආරාධනයක් නිකුත් කරනු ලැබීය.

Related posts

ஹைலெவல் வீதியில் வாகன போக்குவரத்து மட்டு

Mohamed Dilsad

මහ මැතිවරණ පෙත්සම් 8 වන දිනයටත් සලකා බැලේ

Mohamed Dilsad

அநுராதபுரம் வீதியில் வாகன விபத்து – மூவர் பலி

Mohamed Dilsad

Leave a Comment