Trending Newsඑසැන පුවත්දේශීය

මහජන විමුක්ති හමුදාවේ පර්යේෂණ නියෝජිත කණ්ඩායමක් මෙරටට පැමිණේ.

මහජන චීන සමූහාණ්ඩුවට අයත් මහජන විමුක්ති හමුදාවේ ඉහළම මට්ටමේ පර්යේෂණ ආයතනය නියෝජිත පිරිසක් මෙරටට පැමිණ සිටී.

ඔවුන් පාත්ෆයින්ඩර් පදනම මුණ ගැසී ද්වීපාර්ශ්වික වශයෙන් වැදගත් වන කරුණු රැසක් සම්බන්ධයෙන් සාකච්ඡා කර ඇති අතර ඛෙයිජිං හි ස්ථාපිත මහජන විමුක්ති හමුදාවේ, හමුදා නිති පද්ධති ආයතනයට සම්බන්ධ විද්‍යා ඇකඩමි පර්යේෂකයන් පිරිසක් වන මෙම නියෝජිතයන් පිරිසේ ප්‍රධානියා වශයෙන් වැන්ග් යොනිකියොන් මහතා කටයුතු කරන බව සඳහන්. අධ්‍යයන පර්යේෂණ නියෝජිතයන් සමග චීනය සහ ශ්‍රී ලංකාව අතර පවතින සහයෝගීතාවය පිළිබඳව සාකච්ඡාවට කර තිබේ. 2019 නොවැම්බර් මාසයේ දී මෙම ආයතනයේ දේශපාලන අංශ නියොජිත පිරිසක් මෙරටට පැමිණි අතර එහි දී ද පාත්ෆයින්ඩර් පදනම මුණ ගැසුණ තිබේ.

දෙරට අතර පොදු උනන්දුවක් දක්වන විෂයයන් පිළිබඳව අදහස් හුවමාරු කරගනිමින් දෙරට අතර සහයෝගීතාව වර්ධනය කරගත හැකි ආකාරය පිළිබඳව සොයාබැලීම මෙම සංචාරයේ අරමුණ වන අතර ”එක් තීරයක් එක් මාවතක්” යන සංකල්පය අනුව චීන ශ්‍රී ලංකා ආරක්ෂක ආයතන හා එහි සංස්කෘතික පැති අධ්‍යයනය කර එකඟතාවයක් ඇති කරගත හැකි මාතෘකා ගවේෂණය කිරීමට ඇති හැකියාව ද මෙහිදී සාකච්ඡාකර තිබේ.

කොරෝනා වසංගත තත්ත්වයට පසු ශ්‍රී ලංකාව මුහුණ දුන් ආර්ථීක අර්බුදය හා ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ අරමුණ සඳහා ඉන්දියාව, ජපානය හා ශ්‍රී ලංකාව යනන රටවල් ත්‍රෙපාර්ශ්වයික මුහුණුවරකින් අනුගමනය කළ පියවර ගැන මෙහි දී ගුණතිලක මහතා කරුණු දක්වන ලද අතර ඉන්දියන් සාගරයේ ආරක්ෂාව අරමුණු කරගෙන ඇතිකරන ලද විද්වත් සංවාද මණ්ඩපවල ක්‍රියාකාරීත්වය හා ඉන්දියන් සාගරය ආශ්‍රිත කරුණු කෙරෙහි චීනයේ ප්‍රතිචාර සම්බන්ධයෙන් ද අදහස් හුවමාරු කරගෙන ඇතැයි සඳහන්.

Related posts

Milk powder prices increased as per newly-introduced pricing formula

Mohamed Dilsad

Thailand election: Pro-military political party takes lead

Mohamed Dilsad

U-17 schools badminton Team c’ship from April 22

Mohamed Dilsad

Leave a Comment