Trending Newsඑසැන පුවත්දේශීයව්‍යාපාරික

ආණ්ඩුව විසින් සහල් මිල ඉහළ දමා පාරිභෝගිකයන් පීඩාවට පත් කරලා – සමස්ත ලංකා සුළු හා මධ්‍ය පාරිමාණ වී මෝල් හිමියන්ගේ සංගමය

කැකුළු සහල් කිලෝවක් රු. 210ක ටත්, නාඩු සහල් කිලෝවක් රු. 220ක ටත් අළෙවි කරන ලෙස දන්වමින්, ගැසට් නිවේදනයකින් රජය ඉදිරිපත් කර තිබූ පාලන මිල ජනාධිපතිවරයා විසින් රු. 10කින් ඉහළ දැමීමෙන් පාරිභෝගිකයන්ට දැඩි අසාධාරණයක් සිදුව ඇතැයි සමස්ත ලංකා සුළු හා මධ්‍ය පාරිමාණ වී මෝල් හිමියන්ගේ සංගමය පවසයි.

එම සංගමයේ සභාපති යූ.කේ සේමසිංහ මහතා සඳහන් කළේ “සහල්වල තිබුණු මිලට වඩා රුපියල් 10කින් ඉහළ දමලා විකුණන විදිහට එකඟතාවයකට ඇවිල්ලා තියෙනවා. අපේ රටේ සහල් සම්බන්ධයෙන් ගැසට් කරපු මිලක් තිබුණා. ඒ මිල තමයි කැකුළු සහල් කිලෝ එකක් 210යි, නාඩු කිලෝ එකක් 220යි, සම්බා කිලෝ එකක් රුපියල් 230යි සහ කීරි සම්බා 260ක් විදිහට තමයි තිබුණේ. නමුත් අද දවසේ සිට කීරි සම්බා හැර අනෙක් සහල් වර්ග 03 සඳහා රුපියල් 10ක වැඩිවීමක් නියම වෙලා තියෙනවා. මේක නෙමෙයි කරන්න තිබුණේ. නියාමනයට යටත්ව සහල් විකිණීම සම්බන්ධයෙන් වැටලීම කිරීම තමයි සිදුකළ යුතුව තිබුණේ. නමුත් මේ තීන්දුව දැන් අරගෙන තිබෙනවා. හැබැයි අපි විශ්වාස කරනවා ජනාධිපතිවරයා සහ රජය විසින් මේ ගත්තු තීරණයට අනුව, අද දවසේ සිට පාරිභෝගික අධිකාරිය හරහා සහල් වැටලීම් සිදුකරන්න ආරම්භ කරයි කියලා. එහෙම නොකළොත් මේ රටේ පාරිභෝගික ජනතාව දැවැන්ත අසාධාරණයකට ලක්වෙනවා. රුපියල් 10ක් සහල් වැඩිකරලා දීලා මහා පාරිමාණ වී මෝල් හිමියන්ට තවත් රුපියල් 10කින් ඔවුන්ගේ ලාභය වැඩිකරලා දුන්න අවස්ථාවකත් මෙය නොවිය යුතුයි. ඒ නිසා අනිවාර්යෙන් පාරිභෝගික අධිකාරිය විසින් ලංකාව පුරා සියලුම වෙළෙඳසැල් සහ වී මෝල වලට ගිහිල්ලා ඒ වැටලීම් සිදුකරලා මේ සම්බන්ධයෙන් කටයුතු සිදුකළ යුතුයි”

සමස්ත ලංකා සුළු හා මධ්‍ය පාරිමාණ වී මෝල් හිමියන්ගේ සංගමයේ සභාපතිවරයා මේ බව පැවසුවේ ජනාධිපතිවරයා විසින් ප්‍රකාශයට පත්කර ඇති නව සහල් මිල ගණන් පිළිබඳ අදහස් දක්වමිනි.

Related posts

தேசத்தின் பிதா டி.எஸ்.சேனாநாயக்க நிறைவேற்றிய பணிகள் உன்னதமானவை – பிரதமர்

Mohamed Dilsad

சீனப் பிரஜைகள் 14 பேர் கைது

Mohamed Dilsad

பாகிஸ்தானில் குண்டு வெடிப்பில் பலர் பலி…

Mohamed Dilsad

Leave a Comment