Trending Newsඑසැන පුවත්දේශීයව්‍යාපාරික

මත්පැන් නිෂ්පාදන ආයතන 08ක බලපත්‍රවලට ආණ්ඩුව කරන්න යන දේ

රජයට ගෙවිය යුතු හිඟ බදු නොගෙවන ලද මත්පැන් සමාගම් අටක නිෂ්පාදන බලපත්‍ර අත්හිටුවා තිබේ. ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ඇමති නලින්ද ජයතිස්ස මහතා පාර්ලිමේන්තුවට මේ බව දැනුම් දුන්නේය. ඩබ්ලිව්. එම්. මෙන්ඩිස් සහ සමාගමට අයත් ආයතන තුනක්, වයඹ ඩිස්ටිලරිස්, මැකලම් බබෲවරි පුද්ගලික සමාගම, ග්ලෝබ් බිලෙන්ඩර්ස් ලංකා සමාගම, කළුතර සමුපකාර සමිතිය සහ වයඹ ස්ටොරේප් කප්ලෙක්ස් සමාගම එම බදු ගෙවීම පැහැර හැරි ආයතන බව පැවසූ අමාත්‍යවරයා මින් වයඹ ඩිස්ටලරිස්, මැකලම් බෲවරි පුද්ගලික සමාගම් වලින් බදු අය කර ගැනීම සිදුවද්දී සුරා බදු දෙපාර්තමේන්තුවට එරෙහිව නඩු පවරා ඇතැයිද ප්‍රකාශ කළේය.

ඩබ්ලිව්.එම්. මෙන්ඩිස් සහ සමාගමට අයත් ආයතන තුන පමණක් රුපියල් කෝටි 580 ක හිඟ බදු ගෙවා නැතැයි ද ඔහු සඳහන් කළේය. මින් එක් සමාගමක් 2022 ට පෙරද තවත් සමාගමක් 2023 වර්ෂයේදී ද තවත් සමාගමක් මේ වසරේදීද හිග බදු මෙසේ ගෙවා නැතැයි අමාත්‍යවරයා සඳහන් කළේය.

හිඟ බදු ගෙවූ ආයතනවල බලපත්‍ර අහෝසි කර ඇති බවත් ඔවුන්ගේ දේපළ විකුණා මුදල් අයකර ගැනීමට සුරා බදු පනතෙන් හැකියාව ලැබෙන්නේ නම් රජය එය ද කරන බවත් ඔහු ප්‍රකාශ කළේය. හිඟ බදු අය කර ගැනීමට නෛතික ක්‍රියාවලිය ආරම්භ වී ඇතැයි ද ජයතිස්ස මහතා කීවේය. සමහර ආයතන 2008 වර්ෂයේ සිට හිඟ බදු ගෙවීම පැහැර හැර ඇතැයි ද හෙතෙම කීවේය.

Related posts

ජීවිත අහිමි කළ මාරක අනතුරු

Mohamed Dilsad

அனுராதபுரம் -மிஹிந்தலை-தாதுகோபுரத்தில் இருந்து புகைப்படம் பிடித்த இரு இளைஞர்கள் கைது

Mohamed Dilsad

ලංකා බැංකුව, අලුත් අවුරුදු සමයේ, රුපියල් බිලියන 666ක ගනුදෙනු කරමින් වාර්තාවක් තබයි.

Editor O

Leave a Comment