Trending Newsඑසැන පුවත්දේශීය

විදුලි ගාස්තු සංශෝධන යෝජනාව මහජන උපයෝගීතා කොමිෂමට අද (06) බාර දෙයි.

විදුලි ගාස්තු සංශෝධන යෝජනාව අද (06) මහජන උපයෝගීතා කොමිසමට භාරදීමට නියමිත බව සඳහන්. විදුලිබල මණ්ඩලය විසින්, එකී සංශෝධනය සම්බන්ධයෙන් වන යෝජනාව මහජන උපයෝගීතා කොමිෂන් සභාවට භාරදීමටයි සැලසුම් කර ඇත්තේ.

වාර්ෂිකව අවස්ථා 04 කදී විදුලි ගාස්තු සංශෝධනය කළ යුතු බවට පසුගිය ආණ්ඩුව සමයේ යෝජනා කර තිබිණ. මේ අතර මෙම වසරේදී දෙවරක් හා පසුගිය වසරේදී අවස්ථා 03 කදී විදුලි ගාස්තු සංශෝධනය කර තිබෙනවා. කෙසේ වුවද අද ඉදිරිපත් කිරීමට නියමිතව ඇත්තේ ලබන වසරේ පළමු මාස 06 සඳහා වන ගාස්තු සංශෝධනයට අදාළ යෝජනාවයි.

Related posts

සෞඛ්‍ය බලධාරීන් සහ මැතිවරණ කොමිෂන් සභාව අතර අද හමුවක්

Mohamed Dilsad

Kidnapped Afghan People’s Peace Movement marchers freed

Mohamed Dilsad

Mathews steps down as Sri Lanka Captain

Mohamed Dilsad

Leave a Comment