Trending Newsඑසැන පුවත්දේශීය

රාමනාදන් අර්චුනා තර්ජනය කළා. සජබ කෑගල්ල දිස්ත්‍රික් මන්ත්‍රී සුජිත් සංජයගෙන් ප්‍රකාශයක්

පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක කාර්යාල පරිශ්‍රයේදී සුජිත් නමැති අයෙක් තමන්ට පහරදුන්නේ යැයි යාපනය දිස්ත්‍රික් ස්වාධීන පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය රාමනාදන් අර්චුනා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් කරමින් අද (03) පැවසීය.

රාමචන්ද්‍රන් මන්ත්‍රීවරයා මෙසේ ද කීවේය. “මම 2:30ට විතර විපක්ෂ නායක කාර්යාලයට ගියා. මම ඇහුවා කොහොමද මේ ටයිම් එක allocate කරන්නේ කියලා. අද දවසේ මට කිසි දෙයක් සන්නිවේදනය කරලා තිබුණේ නැහැ. හෙට මගේ වෙලාව තියෙනවාද ? නැද්ද ? කියලා අහන්න ගියා. එතන නිලධාරීන් හිටියා. ඔවුන් වෙනත් කාමරයකට මාව එක්කන් ගියා. ඒගොල්ලෝ කිව්වා හෙට හවස 4ට වගේ මට දෙන්න පුළුවන් කියලා.”

“මං ඇහුවා ඒ පිළිවෙල ඕගොල්ලෝ කොහොමද හදන්නේ කියලා. එතකොට සුජිත් කියලා පුද්ගලයාටයි තව කෙනෙකුටයි ගිහින් කතා කරන්න කිව්වා. ඒගොල්ලෝ තමයි තීරණය කරන්නේ කියලා.” 

“එතකොට මං කිව්වා ඒගොල්ලොන්ට තනි තීරණයක් ගන්න බැහැ. පක්ෂ නායකයෙක් විදියට මට ඒකට උත්තර දෙන්න ඕනේ කියලා. එතකොට සුජිත් කියන පුද්ගලයා මට ගැහුවා. මට මෙයාට ගහන්න ඕනේ නැහැ. මෙයා මගේ තාත්තාගේ වයස. ඒ නිසා ගැහුවේ නැහැ.” 

ඒ සම්බන්දයෙන් පාර්ලිමේන්තුවේ දී අදහස් දැක්වූ කෑගල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සුජිත් සංජය මහතා මෙසේ කීවේය. මම කාටවත් පහර දුන්නේ නැහැ. එතුමාට පහර දුන්නැයි මෙතුමා බරපතල ප්‍රකාශයක් කරනවා.එහෙම කිසි දෙයක් සිදුවෙලා නෑ.මම ඒක සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කරනවා. එතුමා මට තර්ජනය කළා යැයි කීවේය.

පාර්ලිමේන්තුවේ මංගල සැසිවාරයේදී මන්ත්‍රීවරයා විපක්ෂ නායකවරයාගේ අසුනේ අසුන් ගැනීමේ සිද්ධියක් වාර්තා වූ අතර පසුව එම සිද්ධිය දැන් ආන්දෝලනාත්මක සිද්ධියක් බවට පත්විය. කෙසේවෙතත් පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා රාමනාදන් නවක පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙනුවෙන් ඉකුත් 25 වනදා පාර්ලිමේන්තුවේ පැවැත්වූ දැනුවත් කිරීමේ වැඩමුළුවේදී අදාළ සිද්ධිය ගැන සමාව අයැද සිටියේය

Related posts

රථවාහන දඩ මුදල් ගෙවීමට සහන කාලයක් [RELEASE]

Mohamed Dilsad

ප්ලේන්ටියක මිල එකවරම දෙගුණයක් වෙයි

Mohamed Dilsad

Sonny Bill Williams becomes university student

Mohamed Dilsad

Leave a Comment