Trending Newsඑසැන පුවත්දේශීය

ජපානය, ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක කළ ව්‍යාපෘති නැවත අරඹන ලෙස විපක්ෂ නායකවරයා ජපාන තානාපතිගෙන් ඉල්ලයි.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ ශ්‍රී ලංකාවේ ජපාන තානාපති අකියො ඉසොමතා මහතා අතර හමුවක් කොළඹ දී 01වෙනිදා පැවැතිවින, ජපානය සහ ශ්‍රී ලංකාව අතර දීර්ඝ කාලයක් පැවැති රාජ්‍යතාන්ත්‍රික සම්බන්ධතාව ඉදිරියටත් පවත්වා ගෙන යෑම සඳහා සඳහා තමාගේ උපරිම දායකත්වය ලබා දෙන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ජපාන තානාපතිවරයා හමුවේ සඳහන් කළේය.

එසේම පසුගිය කාලය තුළ ජපානය විසින් ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක කළ සංවර්ධන ව්‍යාපෘති නැවත ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා සිටි විපක්ෂ නායකවරයා ඒ සඳහා අවශ්‍ය උපරිම සහයෝගය විපක්ෂයේ සිට ලබා දෙන බවද විපක්ෂ නායකවරයා කීවේය.

සමගි ජන බලවේගය නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී, වෛද්‍ය කවින්ද ජයවර්ධන මහතා ද මෙම අවස්ථාවට සහභාගී වූහ.

Related posts

20 ගැන අධ්‍යයනයට පත් කළ කමිටු වාර්තාව අද ජනපතිට හා අගමැතිට

Mohamed Dilsad

சீன இறக்குமதி பொருட்களுக்கு இன்று முதல் 25% கூடுதல் வரி

Mohamed Dilsad

Trump inauguration: President vows to end ‘American carnage’ – [VIDEO]

Mohamed Dilsad

Leave a Comment