Trending Newsඑසැන පුවත්දේශීය

ජපානය, ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක කළ ව්‍යාපෘති නැවත අරඹන ලෙස විපක්ෂ නායකවරයා ජපාන තානාපතිගෙන් ඉල්ලයි.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ ශ්‍රී ලංකාවේ ජපාන තානාපති අකියො ඉසොමතා මහතා අතර හමුවක් කොළඹ දී 01වෙනිදා පැවැතිවින, ජපානය සහ ශ්‍රී ලංකාව අතර දීර්ඝ කාලයක් පැවැති රාජ්‍යතාන්ත්‍රික සම්බන්ධතාව ඉදිරියටත් පවත්වා ගෙන යෑම සඳහා සඳහා තමාගේ උපරිම දායකත්වය ලබා දෙන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ජපාන තානාපතිවරයා හමුවේ සඳහන් කළේය.

එසේම පසුගිය කාලය තුළ ජපානය විසින් ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක කළ සංවර්ධන ව්‍යාපෘති නැවත ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා සිටි විපක්ෂ නායකවරයා ඒ සඳහා අවශ්‍ය උපරිම සහයෝගය විපක්ෂයේ සිට ලබා දෙන බවද විපක්ෂ නායකවරයා කීවේය.

සමගි ජන බලවේගය නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී, වෛද්‍ය කවින්ද ජයවර්ධන මහතා ද මෙම අවස්ථාවට සහභාගී වූහ.

Related posts

හදිසියේ අසනීප වූ පොලිස් නිලධාරීන් 8 දෙනාට කොවිඩ්

Mohamed Dilsad

அரசியல் நிலைமையைப் பொருட்படுத்தாது நாட்டின் அபிவிருத்தியை முன்னெடுக்குமாறு அரச அதிகாரிகளுக்கு ஜனாதிபதி ஆலோசனை…

Mohamed Dilsad

இலங்கைக்கான முன்னாள் சுவிஸ் தூதுவர் இலங்கைக்கு

Mohamed Dilsad

Leave a Comment